විදේශ විනිමය හිඟයට පිළියම් යෙදීම…

612

කොරෝනා තෙවන රැුල්ලට මුහුණ දී සිටින අප රටට මේ වන විට ආර්ථිකමය වශයෙන් ද ඉතා අභියෝගාත්මක වාතාවරණයකට මුහුණ දීමට සිදුව ඇත. එම වසංගතයේ පළමු සහ දෙවන රැුලිවල බලපෑම්වලින් මිදෙමින් සිටියදී අපට මෙසේ කොරෝනා තෙවන රැල්ලට මුහුණ දීමට සිදු විය. මේ නිසා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමට බාධා ඇති වූ බවත් අපි දනිමු. මසක කාලයක් සංචරණ සීමා පැනවීමට ද සිදු වූ නිසා යළිත් ආර්ථික ක‍්‍රියාකාරකම් ද අඩපණ විය. මෙය 2021 වර්ෂයේ අපේක්ෂිත සියයට 6 ක ආර්ථික වර්ධනය සියයට 5 කට වඩා අඩු මට්ටමකට පහත වැටීමට හේතු වනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. මේ අහිතකර බලපෑම්වලට අපේ විදේශ අංශයට ද දිගටම මුහුණ දෙන්නට සිදුව තිබේ. මේ නිසා සංචාරක ඉපයුම් ඇතුළු අපේ විදේශ විනිමය ලැබීම් ද පහත වැටී ඇත. මේ බලපෑම් හේතුවෙන් මේ දිනවල අපේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් හිඟයක් පවතින බව වෙළෙඳපොළ ආරංචිමාර්ගවලින් දැනගන්නට තිබේ. ඇමෙරිකානු ඩොලරයක අගය ද රු. 203 කට ආසන්න අගයක් දක්වා ද ඉහළ ගොස් තිබේ. මේ නිසාම අපගේ විනිමය අනුපාතයට ද කලක සිටම දැඩි පීඩනයක් පවතී. මේ පසුබිම තුළ අප මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ අප මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය ගැනයි.
 
 ඇතැම් ව්‍යාපාරිකයන් පවසන්නේ මේ දිනවල ඇතැම් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට පවා ණයවර ලිපි විවෘත කිරීමට දුෂ්කර වී ඇති බවයි. මේ නිසා ඇතැම් කර්මාන්තශාලා වැඩ කිරීමට පවා අපහසු තත්ත්වයක් මතුව ඇති බවට ව්‍යාපාරික ප‍්‍රජාවේ සාමාජිකයන් මෙන්ම ඇතැම් කර්මාන්තකරුවන් ද අපට පෙන්වා දෙන කරුණකි. පසුගිය දිනවල තෙල් මිල වැඩි කළ අවස්ථාවේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ද කීවේ තෙල් මිල දී ගැනීමට පවා ඩොලර් සොයාගැනීමට අපහසු බවකි. මේ නිසා අපේ වෙළෙඳපොළ තුළ විදේශ විනිමය හිඟයක් පවතින බව ඉතා පැහැදිලි කරුණකි. අපේ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ද ඇතැම් විට අපහසු තත්ත්වයන් පවතින බැවින් මේ තත්ත්වය රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වයට ද අහිතකර ලෙස බලපාන කරුණකි. එහෙත් මෙයට ඇති පිළියම කුමක් ද? විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමයි. එසේම විදේශ විනිමය වියදම් තවදුරටත් සීමා කිරීමට පියවර ගැනීමයි. අප විසින් පසුගිය වසරේ (2020* කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වාහන ආනයනය ඇතුළු දැඩි ආනයන පාලන ක‍්‍රියාමාර්ගයකට ගියේ ද මේ නිසාය. බොහෝ දෙනෙක් විමසමින් සිටියේ මේ ආනයන සීමා ඉවත් කරන්නේ කවදා ද යන්නයි. එහෙත් කොවිඞ් තෙවන රැුල්ල නිසා ආනයන සීමා ඉවත් කරනවා වෙනුවට ඒවා තවත් දැඩි කිරීමට සිදුවන වාතාවරණයක් උද්ගත වී තිබේ. මේ ගැන මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා ද ඉකුත් ජුනි 28 දින නිකුත් කළ සිය විශේෂ ප‍්‍රකාශයේ සඳහන් කර තිබුණි. මේ අනුව ඔහු මෙසේ සඳහන් කර තිබේ.

විදේශ විනිමය හිඟයට පිළියම් යෙදීම...

 ‘විදේශ මුදල් ප‍්‍රවාහ අඩුවීම මධ්‍යයේ වුව ද, මෙම අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත සීමා පැනවීමට ශ‍්‍රී ලංකාව කටයුතු කළේ ය. මෙම සමහර සීමාවන් ක‍්‍රමයෙන් ඉවත් කෙරෙමින් තිබුණ ද, කොවිඞ් -19 හි රැුලි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශය පවතින බව මහ බැංකුවේ අදහසයි.’
 
 මේ ප‍්‍රකාශය අනුව පැහැදිලි වන්නේ කලින් පනවා තිබූ ආනයන සීමා ක‍්‍රමයෙන් ඉවත් කෙරෙමින් පැවතුණු බවයි. එහෙත් කොවිඞ් තෙවන රැුල්ල විසින් අපේ ආර්ථික කටයුතු කෙරෙහි ඉතා අහිතකර බලපෑමක් සිදු කර තිබේ. මේ අනුව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා පවසන පරිදි අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශයක් පවතී. ඒ අවකාශය අනුව අපේ විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා තවදුරටත් ආනයන සීමා කිරීමට රජය කටයුතු කිරීමට ඉඩ තිබේ. ඒ ගැන ද මහජනයා තේරුම් ගැනීම වැදගත්ය. අපේ විදේශ සංචිත මට්ටම ද පහත වැටී ඇත. දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා සිදු කළ විශේෂ ප‍්‍රකාශය මගින් අපේ ඉදිරි විදේශ විනිමය ලැබීම් ගැන ද මෙසේ විස්තර දක්වා ඇත.
 
 ‘චීන මහජන බැංකුව සමඟ අත්සන් කොට ඇති, දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5ක විදේශ මුදල් හුවමාරු ගිවිසුමෙන් තොරව ගත්කල, අපගේ නිල විදේශ සංචිතය එ.ජ. ඩොලර් බිලියන 4ක් වේ. රජයේ ණය සේවාකරණ හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙම විදේශ සංචිත මට්ටමේ කෙටි කාලීන උච්චාවචන පැවතිය හැකි වුව ද, රටට ගලා එන විදේශ විනිමය ප‍්‍රවාහ තුළින් සංචිත ප‍්‍රමාණවත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුදුසු මූල්‍යකරණ උපායමාර්ග සකස් කර ඇත. කෙටි කාලයක් තුළ, විශේෂයෙන් නව ආයෝජන අංශය හරහා අපේක්ෂා කරන ණය නොවන ලැබීම් සහ බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ප‍්‍රභවයන්ගෙන් රජයට ලැබෙන වෙනත් ලැබීම් මෙකී උපායමාර්ග අතර ඇත. මහ බැංකුව අපේක්ෂා කරන ලැබීම් අතරට 2021 ජුලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති එ.ජ. ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරු පහසුකම, 2021 අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත එ.ජ. ඩොලර් මිලියන 400ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡුා මට්ටමේ පවතින එ.ජ. ඩොලර් මිලියන 1ල000ක විශේෂ මුදල් හුවමාරු පහසුකම අයත් වේ. මෙම ලැබීම්වලට අමතරව, 2021 අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් ප‍්‍රතිපාදන යටතේ ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 800ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුවට ණය නොවන ලැබීම් මගින් නිල සංචිත ගොඩනැගීමට උපකාරී වන පරිදි අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ මහ බැංකුව විසින් වෙළෙඳපොළන් මිලදී ගැනීමේ ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ හරහා ඉදිරියේ දී ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 700ක් වාර්ෂිකව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නේවාසික හිමිකරුවන් සතු ඉදිරියේදී කල් පිරෙන ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීම සඳහා එකී නේවාසිකයන් පොළඹවා ගැනීමට ද පියවර ගෙන තිබේ. ඉදිරියේ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් සියයට 30ක් ශ‍්‍රී ලාංකික හිමිකරුවන් සතු බව මෙහිලා සඳහන් කළ යුතු ය. එපමණක් නොව, මූර්ත අංශයේ ක‍්‍රියාකාරකම් සඳහා සහාය වනු පිණිස බැංකු අංශය සහ ආයතනික අංශය ද සහන පොලී අනුපාතික යටතේ මූල්‍ය ප‍්‍රවාහ වැඩි කර ගනිමින් සිටී. මෑතදී සිදු කරන ලද අදාළ විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම භාවිත කරමින් පෞද්ගලික අංශයේ ආයතන විදේශීය අරමුදල් රැුස් කරනු ඇතැයි ද ඉදිරි කාලපරිච්ෙඡ්දය තුළ ලැබීමට නියමිත මෙම ප‍්‍රවාහවලින් සමහරක් නිල සංචිතවලට ද එකතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෑතක දී නීතිගත කෙරුණු කොළඹ වරාය නගර කොමිෂන් සභාව හරහා ආර්ථිකයට ලැබෙන ණය නොවන විදේශ විනිමය ප‍්‍රවාහවල විශාල වර්ධනයක් අපේක්ෂිතය.’
 
 මෙලෙස මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරන පරිදි අපට ඉදිරියේ දී විදේශ විනිමය ලැබීම් සිදු වන්නේ මේ ආකාරයටය.
 
 පවතින තත්ත්වය අනුව ආනයන සීමා ලිහිල් කිරීමට අපහසු තත්ත්වයක් තිබේ. කෙසේ වෙතත් වසංගත තත්ත්වය සමනය වීමත් සමග අපට මේ දැඩි ආනයන සීමා ක‍්‍රමයෙන් ලිහිල් කිරීමට ද සිදු වනු ඇත. මේ ගැන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පසුගියදා පැවැති ශ‍්‍රී ලංකා ආයෝජන සංසදයේ ප‍්‍රධාන දෙසුමක් පවත්වමින් මෙසේ කීවේය.
 
 ‘අපගේ අභියෝග හමුවේ ආනයන සීමා කිරීමට රජයට සිදු විය. මේ වන විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ක පමණ මට්ටමකට පහත වැටී ඇත. කෙසේ වුවද ශ‍්‍රී ලංකාව 2024 වර්ෂය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක පමණ අපනයන ආදායමක් හිමි කර ගැනීමේ දී එවැනි සීමාවන් ක‍්‍රමයෙන් ලිහිල් කළ යුතු බව අපි පිළිගනිමු.’
 
 මේ වසංගත අවස්ථාවේ අපට සංචාරක ව්‍යාපාරය ගැන වැඩි අපේක්ෂා තබාගත නොහැකි නමුත් ඉදිරියේ දී රටේ කොවිඞ් වසංගත තත්ත්වය සමනය වී නව සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු ඒ සඳහා අප දැන් සිටම සූදානම් විය යුතුව තිබේ. එහෙත් සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තයේ පාර්ශ්වයන් සහ සංචාරක බලධාරීන් අතර මතගැටුම් තිබෙන බව පෙනේ. සියලූ පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් පොදු වැඩපිළිවෙළක් දියත් වීම මෙහිදී ඉතාම වැදගත්ය. ඒ නිසා අනාගතයට අප දැන් සිටම සූදානම් වීමක් නොවුණහොත් අපට අපේක්ෂිත සංචාරක ඉපයුම් ලබාගැනීමට නොහැකි වනු ඇත. ඒ පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් තිබේ. මේ ගැන ජනාධිපතිවරයාගේ, සංචාරක ඇමැතිවරයාගේ සිට රජයේ ආර්ථික බලධාරීන්ගේ අවධානය යොමු කර මේ සඳහා පිළියම් යෙදිය යුතුව තිබේ. කෙසේ වෙතත් නොයෙකුත් අපේක්ෂා තිබුණත් අපට නම් හැෙඟන්නේ මෙරට විදේශ විනිමය සංචිතවලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒම ගැන කිසියම් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවයි. එසේම විදේශ ණය ගෙවීම් සමග විදෙස් සංචිත ද හීන වෙයි. මේ අනුව රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීමේ කාලසටහනට අනුව ඉදිරි මාසවලදී මෙරට විදේශ සංචිත තවදුරටත් සීමා වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ ගැන පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේ දී ද රජයේ අවධානය යොමුව ඇත. මේ පසුබිම මත අපේ විදේශ විනිමය ලැබීම් වර්ධනය කර නොගතහොත් අපේ රුපියලට තිබෙන පීඩනය මෙන්ම විදේශ සංචිත මට්ටම රැුක ගැනීම ද තවදුරටත් අභියෝගාත්මක වනු ඇත. මේ ආර්ථික පීඩනයන් උග‍්‍ර කිරීමට වසංගත තත්ත්වය පැතිරීම ද හේතු විය. මේ නිසා රජය විසින් නිසි කලට නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට ක‍්‍රියාමාර්ග ගත යුතුය. ඒ සම්බන්ධයෙන් බලවත් අඩුපාඩු පැවැති අතර එම තත්ත්වය නිසා කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වී වැඩි දින ගණනක් රට වසා දැමීමට ද හේතු විය. මේ නිසා සෞඛ්‍ය අංශ මුලින් කියා සිටි දින 14 වෙනුවට මසකට අධික කාලයක් රට වසා දැමීමට වීමෙන් වැඩි ආර්ථික හානියක් රටට සිදු වූ බව ද පෙනේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
 

advertistmentadvertistment
advertistmentadvertistment