විනෝදාංශයෙන් ලෝකය කියැවීම

434

මුද්දර එකතු කිරීම හුදෙක් විනෝදාංශයක් ලෙස පමණක් නොව සකසුරුකම, දැනුම, අවබෝධය, ගවේෂණශීලීත්වය සහ නිර්මාණාත්මක බව ප‍්‍රවර්ධනයෙහිලා උත්පේ‍්‍රරකයක් ලෙස භාවිතා කළ හැකි අපූර්ව මෙවලමකි. එනම් සැබැවින්ම මුද්දර එකතු කිරීම ”කියවීමක්” දක්වා ගෙනයා හැකි සෞන්දර්යාත්මක ඉගෙනුම් ක‍්‍රමවේදයකි. ලිපියක අලවා ලැබෙන මුද්දර එක්රැුස් කොට, වැඩිපුර ඇති ඒවා අන්‍යයන් සමග හුවමාරුවෙන් තමා ළඟ නැති මුද්දර ලබාගනිමින් සිදුකරන මුද්දර එකතු කිරීමේ විනෝදාංශය කාලය සමග විශාල මුද්දර එකතුවක් එක්රැුස් කොට දෙයි. මෙසේ එක්රැුස් වන මුද්දර විවිධ විෂයන් යටතේ, විවිධ සිදුවීම් අරභයා නිකුත් කෙරුනු මුද්දර වන අතර ඒවා විධිමත්ම විෂයන් යටතේ වර්ග කොට එක්රැුස් කිරීම සහ ඒවායින් දක්වන පණිවිඩය කියවා ගැනීම දැනුමට හා බුද්ධියට අමතර ජවයක් එක් කරනවා සේම පුළුල් පර්යේෂණ වේදිකාවක්ද තනා දෙයි.

පාසලක දරුවන්ගෙන් විනෝදාංශය කුමක් දැයි විමසුවහොත් සියයට අනූ නවයකගේම පිළිතුර ”මුද්දර එකතු කිරීමය”. සැබැවින්ම එය මෙරට පමණක් නොව ලෝකයේම ජනප‍්‍රියම විනෝදාංශය බවට පත්වී තිබේ. ”තෑපෑලෙන් ලියුම් යැවීමේදී ලියුම් වැස්මේ පිට දකුණු පැත්තේ උඩ කෙළවර ඇලවිය යුතු ආණ්ඩුවට මුදල් ගෙවා ගනු ලබන මුද්‍රිත කඩදාසි කැබැල්ල” යනුවෙන් ශ‍්‍රී සුමංගල ශබ්ද කෝෂය මුද්දරය හඳුන්වා දෙයි. ලියුම් යැවීමට අමතරව තව බොහෝ කාර්යන් සඳහා නිල වශයෙන්ම මුද්දර භාවිතා කළද අපට මුද්දරය හුරු පුරුදු වන්නේ ලැබෙන ලිපියක අලවා ඇති අලංකාර රූ සටහන් සහිත සලකුණක් වශයෙනි. නූතනයේ මෙන් විද්‍යුත් තැපෑල ප‍්‍රචලිත නොවූ සමයක සෑම නිවසකටම පාහේ අවම වශයෙන් මසකට එක් ලිපියක් හෝ ලැබිණ. මෙලෙස ලැබෙන ලිපිවල අලවා ඇති මුද්දර ගලවා එක් රැුස් කර ගත හැකි වීමත්, ඒවා එකිනෙකට වෙනස් තේමාවන්, රූප, වර්ණ වලින් යුක්ත වීමත් නිසා මුද්දර එකතු කිරීම ඉතා සුන්දර විනෝදාංශයක් බවට පත්වී තිබේ.

විනෝදාංශයෙන්  ලෝකය කියැවීම



බාලාංශ පංතියේ සිටම මුද්දර එකතු කිරීම ජනප‍්‍රිය ප‍්‍රකට විනෝදාංශයක් වන නමුත් පාසලේ ඉහළ ශ්‍රේණිවලට යත්ම ක‍්‍රමයෙන් මග හැරෙන මුද්දර එකතු කිරීම පාසලෙන් සමුගන්නා විට බොහෝ පිරිසකට සම්පූර්ණයෙන්ම මගහැරී ගොසිනි. එබැවින් වැඩිහිටි විය දක්වා එම විනෝදාංශය ඉදිරියට රැුගෙන යන්නේ ඉතා සුළු පිරිසකි. බහුතර පිරිසක් වැඩිහිටි වියට එළඹීමත් සමග මුද්දර එකතු කිරීම අත් හරින්නේ ජීවිතයේ ලබන නොයෙක් නව අත්දැකීම් හමුවේ එය හුදෙක් වර්ණවත් කඩදාසි කැබලි එකතු කිරීමක් බවට පත්වීම නිසාය. පොත් පත් කියවා දැනුම සොයා ගැනීමට අමතරව ඡුායාරූප, චිත‍්‍රපට, හඬපට වැනි විවිධ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් භාවිතයෙන් අධ්‍යාපන, පර්යේෂණ කාර්යන්හි නිරතවීම වර්තමානයේ බහුලව සිදුවන නමුත් නිවසට එන ලිපියක අලවා අප වෙත ලැබෙන මුද්දරයක් එවැනිම සංකීර්ණ අධ්‍යාපන, පර්යේෂණ කාර්යන් සඳහා යොදාගත හැකි බව බොහෝ දෙනා නොසිතති. මේ නිසා මුද්දරයේ අලංකාරයට, සුන්දරත්වයට වශී වීමෙන් කුඩා කාලයේ බොහෝ ආශාවෙන් ඒවා එක් රැුස් කරන්නන්ම වැඩිහිටි වියේදී ඒවා කුණු කූඩයට දැමීමටද පසුබට නොවේ.

නමුත් මුද්දර එකතු කිරීම හුදෙක් විනෝදාංශයක් ලෙස පමණක් නොව සකසුරුකම, දැනුම, අවබෝධය, ගවේෂණශීලීත්වය සහ නිර්මාණාත්මක බව ප‍්‍රවර්ධනයෙහිලා උත්පේ‍්‍රරකයක් ලෙස භාවිතා කළ හැකි අපූර්ව මෙවලමකි. එනම් සැබැවින්ම මුද්දර එකතු කිරීම ”කියවීමක්” දක්වා ගෙනයා හැකි සෞන්දර්යාත්මක ඉගෙනුම් ක‍්‍රමවේදයකි. ලිපියක අලවා ලැබෙන මුද්දර එක්රැුස් කොට, වැඩිපුර ඇති ඒවා අන්‍යයන් සමග හුවමාරුවෙන් තමා ළඟ නැති මුද්දර ලබාගනිමින් සිදුකරන මුද්දර එකතු කිරීමේ විනෝදාංශය කාලය සමග විශාල මුද්දර එකතුවක් එක්රැුස් කොට දෙයි. මෙසේ එක්රැුස් වන මුද්දර විවිධ විෂයන් යටතේ, විවිධ සිදුවීම් අරභයා නිකුත් කෙරුනු මුද්දර වන අතර ඒවා විධිමත්ම විෂයන් යටතේ වර්ග කොට එක්රැුස් කිරීම සහ ඒවායින් දක්වන පණිවිඩය කියවා ගැනීම දැනුමට හා බුද්ධියට අමතර ජවයක් එක් කරනවා සේම පුළුල් පර්යේෂණ වේදිකාවක්ද තනා දෙයි.

විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීමකදී මුද්දරයන්හි භෞතික තත්වය හෙවත් හැඩය, වර්ණය, මුද්‍රිත කඩදාසි වර්ගය, මුද්‍රණ ක‍්‍රමවේදය, විදමන්, දිය සලකුණු ආදිය පිළිබඳ මුද්දර එකතු කරන්නන් සැලකිලිමත් වෙයි. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් හමුවන කොටු හැඩැති මුද්දර වෙනුවට ත‍්‍රිකෝණාකාර හෝ වෘත්තාකාර මුද්දරයක් නිකුත් වූ විට එවැනි මුද්දරයක් තම මුද්දර එකතුවට එක් කර ගැනීමට මුද්දර එකතු කරන්නන් වැඩි උනන්දුවක් දක්වයි. මේ නිසා එවැනි මුද්දරයන්ට ඇති වටිනාකමද ඉහළ යයි. ඇතැම් මුද්දර හමු වීම ඉතා දුර්ලභ නිසාද ඒවාට ඇති ඉල්ලූම් යයි. මුද්දර එකතු කරන්නන් අතර ප‍්‍රකට ”තැඹිලි වල්ල” නම් මුද්දරය එැවනි මුද්දරයකි. තැඹිලි වල්ල මුද්දරය නොසෙවූවකු මුද්දර එකතු කරන්නන් අතර සොයා ගැනීමද අපහසුය. මෙලෙස මුද්දර වල බාහිර ස්වරුපය අනුව මුද්දරයක් කියවා ගැනීම ”මතුපිට කියවීම” යනුවෙන් මුද්දරවේදියකු වන නිරෝෂණ පිරීස් මහතා හඳුන්වා දෙයි. විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කරන්නන් මුද්දරයක මතුපිට කියවීම මගින් රසවින්දයක් ලැබීම, ඒ සඳහා මුද්දර හුවමාරුව කලක් තිස්සේ මෙරට පවතින්නකි. මෙය ”මුද්දර සාහිත්‍ය” යෙහි ආරම්භය ලෙස සැලකිය හැකිය. මුද්දර සමාජ පිහිටුවා ගනිමින් මුද්දර පිළිබඳ කතිකා කෙරුනු දියුණු මුද්දර සාහිත්‍යයක් අතීතයේ මෙරට පැවති අතර පුවත් පත් හරහා මුද්දර තොරතුරු ඉදිරිපත් කරමින් එවැනි මුද්දර සාහිත්‍යක් මෙරටට හඳුන්වා දුන් බව සැලකෙන්නේ ප‍්‍රකට පුවත් පත් කතුවරයකු වූ ඞී. බී. ධනපාල මහතාය.

මුද්දරයක මතුපිට කියවීමෙන් ඔබ්බට යමින් මුද්දරයක ප‍්‍රකාශණය කියැවීම හරහා එය ඉගෙනුම් හා පර්යේෂණ අධාරකයක් ලෙසත් සමාජ විශ්ලේෂණ උපකරණයක් ලෙසත් භාවිතා කළ හැකි බව මුද්දරවේදී නිරෝෂණ පිරීස් මහතා විසින් සිදුකරන ලද පර්යේෂණයක් මගින් හඳුන්වාදී තිබේ. ”මුද්දර කියවීම” ලෙස එය හඳුන්වා දෙන නිරෝෂණ පිරීස් මහතා විශ්වවිද්‍යාල මට්ටමින් මුද්දර පිළිබඳ පර්යේෂණ සිදුකළ මුද්දර පිළිබද විශේෂඥයෙකි. විනෝදාංශයක් ලෙස මුද්දරයක මතුපිට බැලීමට වඩා මුද්දරය මගින් සමාජ ගත කරන පණිවිඩය හැදෑරීම හෙවත් මුද්දර කියවීම ගවේෂණශීලීත්වයට මග පෑදීමකි. එකී ගවේෂණශීලීත්වය සහ සුපරීක්ෂාකාරීත්වය වඩ වඩා දියුණු කළ හැකි නම් ඉන් ලැබිය හැකි ප‍්‍රයෝජනය අති මහත්ය. එමෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ සෞන්දර්යාත්මක ඉගෙනුම් මෙවලමක් ලෙස මුද්දරය යොදා ගනිමින් සම්ප‍්‍රාදායික විනෝදාංශයෙන් ඔබ්බට ගොස් ගැඹුරු තලයේ අධ්‍යාපනික කියවීමක් මුද්දර හරහා සිදුකළ හැකිය.

මුද්දරයක් දේශපාලනික, සංස්කෘතික, ඓතිහාසික, විද්‍යාත්මක, සාමාජික, ආර්ථික තොරතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරනා කැඩපතක් බඳුය. මේ නිසා විධිමත් ලෙස මුද්දරයක් අධ්‍යයනය කරනා විද්‍යාර්ථයකුට තම විෂය අධ්‍යයනය වඩා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදුකළ හැකිය. සමාජ ආර්ථික විශ්ලේෂකයන්ට තම විශ්ලේෂණය සඳහා අවශ්‍ය දත්ත මෙන්ම තම පර්යේෂණ තහවුරු කිරීමට අවශ්‍ය සාධකද ලෙසද මුද්දර ඵලදායී ලෙස භාවිතා කළ හැකිය. උදාහරණයක් ලෙස ඉතිහාසය හෝ පුරාවිද්‍යා ගවේෂකයකුට සීගිරිය පිළිබඳ පර්යේෂණයක් සඳහා අවශ්‍ය දත්ත සොයා යෑමේ යතුරක් ලෙස මෙන්ම තමන්ගේ වාර්තාවෙහි අදාළ කරුණු තහවුරු කිරීම ස`දහා සාක්ෂි ලෙසද මුද්දර සාර්ථකව භාවිතා කළ හැකිය. සීගිරිය පිළිබඳ සිදුකළ පර්යේෂණ, ඒවා සිදුකළ විද්‍යාඥයන්, සීගිරි සිතුවම්, සීගිරි සිතුවම් පිළිබඳ මතිමතාන්තර, සීගිරියේ වාස්තු විද්‍යාව, නගර සැලසුම්, ජාත්‍යන්තර සබඳතා, සංචාර වටිනාකම්, සීගිරියේ දේශීය අන්‍යතාව වැනි සීගිරිය දෙස බැලි විවිධ කෝණයන්ගෙන් බලා නිකුත් කළ මුද්දර රැුසක් මේ වන විට නිකුත්වී තිබේ. මේ මුද්දර අතර මෙරට මෙන්ම විදේශයන්හි මුද්දරද වේ. මෙසේ සීගිරිය මුද්දර ආශ‍්‍රයෙන් කියවීමේදී එම මාතෘකාව විශාල පරාසයක් කරා මුද්දර මගින්ම ඉදිරියට ගෙනයා හැකිය. මෙහිදී ගොනු කරගත හැකි තොරතුරු ප‍්‍රමාණය අතික‍්‍රමණය සඳහා ඒ ගැන ලියවී ඇති ග‍්‍රන්ථ හා පර්යේෂණ පත‍්‍රිකා වෙත යොමු විය හැකි දොරටුවක යතුරක් ලෙසද මේ මුද්දර භාවිතා කල හැකිය. මෙය මුද්දර කියවීම පිළිබඳ එක් උදාහරණයක් පමණි. මෙලෙස මුද්දර හරහා ඕනෑම විෂයක් කියවා ගැනීමට මෙන්ම එම විෂයන් වෙත විවිධ දොරටු වලින් පිවිසීමට එම දොරවල් විවෘත කරගත හැකි යතුරු ලෙසද මුද්දර භාවිතා කළ හැකිය. එලෙස මුද්දර යොදා ගනිමින් සිදුකරන විවිධ විෂයන්ට අයත් පර්යේෂණ රැුසක් මෙරට විශ්වවිද්‍යාල තුළද සිදුවෙමින් පවතින අතර ඒවායේ වාර්තා ඉදිරියේදී නිකුත් වීමට නියමිතය.

මුද්දරය නිමා නොවන කතාන්දරයක ඇරඹුමකි. එය මානව වර්ගයාගේ අභිවෘද්ධිය, ජයග‍්‍රහණ මෙන්ම පරාජයන් පිළිබඳවද වර්ණවත් සිතුවමකි. ඉතිහාසය සංෂිප්ත කරන මාධ්‍යයකි. අතීතයේ කැඩපතකි. අනාගතකයේ පෙර නිමිත්තකි. සමාජ, ආර්ථික, පාරිසරික, සංස්කෘතික විවිධත්වය තුළ විචිත‍්‍රත්වය මතු කරන අපූර්ව කලා ප‍්‍රකාශනයක් වන මුද්දරය විනෝදය, දැනුම, නිර්මාණශීලීත්වය, ගවේෂණය, පරිකල්පනය, විවිධත්වය, චිචිත‍්‍රත්වය, සහජීවනය වැනි බහුවිධ නිපුනතා ඔප්නංවා ගැනීමට ඇති සාර්ථකම මාධ්‍යයකි. එබැවින් මුද්දරයක් කියවීම පොතක අකුරු දිගේ ඇවිද යමින් දැනුම රැුස් කරනවාට වඩා රසවත් විනෝදාත්මක අත්දැකීමකි. එනම් ”කියවන මුද්දර” සුවිසල් ලෝකයක් සරලව කියවා දෙන සුන්දර කියවීමකි.

අසිරු වේදිත කරුණාරත්න

මූලාශ‍්‍ර
මුද්දරය, එදා අද සහ හෙට – නිරෝෂණ පිරීස්

advertistmentadvertistment
advertistmentadvertistment