‘විපක්ෂයෙන් හුස්මක්’ යටතේ යාපනය ශික්ෂණ රෝහලට වෛද්‍ය උපකරණ

143

සමගි ජන බලවේගයේ ‘‘විපක්ෂයෙන් හුස්මක්’’ වැඩ සටහනේ විසි දෙවන පියවර වශයෙන් යාපනය ශික්ෂණ රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිදු කෙරුණි.

 රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගය යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශ‍්‍රී බවානන්දරාජා මහතා විසින් භාර ගත් අතර මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ උප සභාපති රාජිත සේනාරත්න, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත‍්‍රීවරුද සහභාගී වී සිටියහ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment