විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කරන ලද බව කථානායක අශෝක රන්වල මහතා සභාවට ඊයේ (03) දැනුම් දුන්නේය.
ඉකුත් මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 36,093ක් ලබා ගයන්ත කරුණාතිලක මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය. නව තනතුරට පත් ඒ මහතාට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සුබ පතන අයුරු ඊයේ මැති සබයේදී දක්නට ලැබිණ. මීට පෙර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන