විපක්ෂය සන්ධානයකට රහස් සාකච්ඡා

348

ඉදිරි මැතිවරණ ඉලක්ක කර විපක්ෂයේ පක්ෂ රැසක් එක්කර පුළුල් පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා වන රහසිගත සාකච්ඡා වට කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති බව ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට වාර්තා වේ.

 ඒ සඳහා රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, මනෝ ගනේෂන් ඇතුළු දේශපාලකයන් කිහිප දෙනෙකු වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇත.

 ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ කාර්ය භාරයේ පවතින දුර්වලතා මගහැර ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පුළුල් වේදිකාවක් ගොඩනැගීම සඳහා මෙම සාකච්ඡාවල ප‍්‍රධාන අරමුණ වී ඇතැයි වාර්තා වන අතර ඒ සඳහා ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණට, දෙමළ ජාතික සංධානයට මෙන්ම අනෙකුත් පක්ෂ වලට ද ආරාධනා කිරීමට නියමිත බව වාර්තා වේ.

 සිරිමන්ත රත්නසේකර සහ අකිත පෙරේරා


advertistmentadvertistment