විපක්ෂ නායක සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර පුදබිමට පැමිණ ජය ශ්‍රී මහ බෝ සමිඳුන් ද වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය. එහිදී ඒ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදුටු අවස්ථාව. අර්ජුන රණතුංග, චන්ද්‍රාණි බණ්ඩාර ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.