විපක්ෂයේ පොදු සන්ධානයක් ගොඩනැඟීම ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදුකිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමුකර ඇත.
වත්මත් රජයට මහ මැතිවරණයේදී පැවැති ජනතා කැමැත්ත අඩු වෙමින් පවතින බවත් තමුන්ගෙන් ගිලිහුණු ඡන්ද දායකයින්ගේ විශ්වාසය යළි දිනාගැනීමට පළාත් පාලන මැතිවරණයේදී හැකිවනු ඇති බවත් එම පක්ෂ දෙකෙහි මතය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ යළි තම පක්ෂය නඟා සිටුවිය යුතු බවත් එය පළාත් පාලන මැතිවරණයේදී සිදුකළ හැකි බවත්ය.
එනිසා පොහොට්ටුව ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණය අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම ඔහුගේ දැඩි තීරණය වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
උපාලි ද සේරම්