විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා ඇමැති අනූප පස්කුවල් එයි

24
විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා ඇමැති අනූප පස්කුවල් එයි

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පස්කුවල් මහතා ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

අයහපත් කාලගුණය හේතුවෙන් වැලිපැන්න ප්‍රදේශයේ පවුල් 5ක් හොලිම්බෝන් ප්‍රජා ශාලාවේ තාවකාලිකව ලැගුම්ගෙන ඇති අතර ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කර ඉදිරි අවශ්‍ය කටයුතු පිළිබඳ අත්‍යවශ්‍ය පාර්ශ්වයන් දැනුවත් කර අවශ්‍ය පහසුකම් සලසන ලෙස රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

එමෙන්ම පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. එල්. රෝශිනී මහත්මියට ආපදා අවස්ථාවට අවශ්‍ය කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය උපදෙස් සහ අත්‍යවශ්‍ය ආයතනවල සහය ලබාදීමට ද රාජ්‍ය ඇමැතිවරයා විසින් කටයුතු කරන ලදි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment