විභාගය අවසන්: සා/පෙළ විද්‍යාව ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු

294

පිළිතුරු පත්‍ර ඇගැයීමට ගුරුවරු 35000ක්

විෂය නිර්දේශයෙන් පිට ප්‍රශ්න ඉදිරිපත් කළ බවට චෝදනා එල්ලවූ සාමාන්‍ය පෙළ (2023) විභාගයේ විiා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවැසීය.

එය ‘නිදහස් ලකුණු’ සේ සැලකෙන බව ද ඔහු කීවේය.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ආරම්භ කර ඊයේ (15දා) අවසන් වූ බවත් විභාගය ඉතා සාර්ථකව පැවැත්වූ බවත් ඒ මහතා කීය.

සිසුන් හාරලක්‍ෂ පනස්තුන්දහසක් (453,000) පමණ සහභාගි වූ මෙම විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසය ඇතුළත ලබාදීමට අදහස් කරන බවත් ඒ මහතා කීය. විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා ගුරුවරුන් තිස්පන්දහසක් පමණ දෙනා සහභාගි කර ගෙන අදියර දෙකක් යටතේ සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

විභාගය අවසන් වුවත් එම විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ ද පැවැත්විය යුතු බවත් ඒ මහතා කීය. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලයට යොමු කළ උපකාරක පන්ති ගුරුවරයෙක් හා ඊට අනුබල දුන් බව කියන ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබුණත් එම ප්‍රශ්න පත්‍රය පිටවීමක් හෝ වෙනත් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නැති බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment