විභාගය බැලූ ගුරුතුමියට ලක්ෂ 03ක පාඩුවක්

505

විභාග මධ්‍යස්ථානයේ සිටි නිවෙස බලා පයින් එමින් සිටි ගුරුතුමියකගේ ගෙළබැදි රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා රන් මාලය නාදුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් ඇයගේ නිවස අභියසදීම පැහැරගෙනයාමේ සිද්ධියක් දංකොටුව පොලිසියෙන් වාර්තාවේ-

දංකොටුව බාලිකා විදුහලේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාග ශාලාවේ සේවය සදහා ගොස් වැඩ නිමවී ඊට මදක් දුරින් පිහිටි තම නිවස වෙත ඇය පයින් ගමන් කරමින් සිටියදී එක්වරම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙනේ එක් අයෙක් යතුරුපැදියෙන් බැස මාලය කඩාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ඇය ගුරුතුමියක් ලෙස සේවය කරන්නේද එම බාලිකා විදුහලේම බැව්ද වාර්තාවේ-


advertistmentadvertistment