විමල් නිරෝධායනයේ

240

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (29* සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
 
 ඇමැතිවරයාගේ ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මෙලෙස ඔහු ස්වයං නිරෝධායනයට සිය නිවසේම ලක් කර තිබේ.
 
 කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලය මේ වන විට විෂබීජහරණයට ලක් කර ඇති අතර එම කාර්යාලය ද දින 14ක් වසා තැබීමට මේ වන විට පියවර ගෙන ඇත.
 
 කෙසේ වෙතත් අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමකින් තොරව හැකිතාක් දුරස්ථ ක‍්‍රම භාවිතා කරමින්
 
 කටයුතු කරන ලෙස ඇමැති විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
 – ප‍්‍රභාත් විතාන


advertistmentadvertistment