විමල් මහ බැංකුවෙන් සහන ඉල්ලයි

369

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා ලබාදී ඇති බැංකු ණය ප‍්‍රතිව්‍යුහගත කරන ලෙස කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෙත යවා ඇති ලිපියකින් ඉල්ලීමක් කර තිබේ. ඒ මහතා යවා ඇති දීර්ඝ ලිපියෙහි පහත කරුණද අවධාරණය කර තිබේ.

කර්මාන්ත අංශය අස්ථාවර වීමත් සම`ග මූල්‍ය ආයතන අසීමිත ලාභ උපයමින් ප‍්‍රගතියක් පෙන්වා දී ඇති බවද, මෙම තත්ත්වය සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති මාලාවේ කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට අදාළව ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නිර්ණායකයන්ට ඉතා ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයක් උද්ගතව ඇත. ආර්ථිකයේ ඇතිවී ඇති මෙම අසමතුලිත තත්ත්වය කඩිනමින් පාලනය කර නොගතහොත් රජය අපේක්‍ෂා කළ කඩිනම් ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම හා එය අඛණ්ඩව පවත්වා ගැනීම රජයට දැඩි අභියෝගයක් වන බව ඔබ වෙත පෙන්වා දෙමි. එබැවින් මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ නියාමන බලධාරී ලෙස මහ බැංකුවේ කාර්ය වන්නේ මේ අවස්ථාවේදී රටෙහි විශාල පසුබෑමකට ලක්ව ඇති ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත මුහුණ දී ඇති අසමානතාවයන් අවම කර ගැනීම සඳහා උචිතම ක‍්‍රමවේදයන් කඩිනමින් හඳුන්වා දීමයි.

මේ අනුව දැනට හඳුන්වා දී ඇති පහත සඳහන් මෙවලම් ඉදිරි වසර තුළදී ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත සෘජු ප‍්‍රතිලාභ ඇතිවන අයුරින් කර්යක්ෂමව ක‍්‍රියාත්මක කිරීම සුදුසු බව යෝජනා කරමි.

ණය මුදල් විලම්භනය ඉදිරි වර්ෂ සඳහා දීර්ඝ කිරීම (Moratorium)

සියලූම කර්මාන්තකරුවන්ගේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම (Reschedulment)

එමෙන්ම වර්තමානයේ දැනට ක‍්‍රියාත්මක මෙම ක‍්‍රමවේදයන් දෙක (02) වාණිජ බැංකු විසින් අනුගමනය කළද එය වඩාත් සාධාරණ ලෙස ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැුකගත හැකිවන අයුරින් (වාර්තාවේ සඳහන් පරිදි* තවදුරටත් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනුයේ නම් එය ද කාලෝචිත වේ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment