වියට්නාම් සහ දකුණු කොරියානු තනාපතිනියන් ජනපති හමුවෙති

41

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය ඊයේ (09දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.

මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් පළකරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම්ද පිළිගන්වනු ලැබීය.

වියට්නාම් සහ දකුණු කොරියානු තනාපතිනියන් ජනපති හමුවෙති

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් මෙහිදී තහවුරු කරනු ලැබූ අතර දෙරට අතර දිගු කාලීන සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරිණි. ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලබාදීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින බව සඳහන් කළ තානාපතිවරිය, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් එම ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු විය. මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.

මේඅතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම් තනාපතිනි ට්්‍රව් කී කෑම් මහත්මිය අතර හමුවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment