වියළි මිරිස් ආනයනය තෙවසරකින් පසු නවතියි – මහින්දානන්දගෙන් අනාවැකියක්

181

ඉදිරි වසර තුනේදී වියළි මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය වියළි මිරිස් සියයට සීයක් ආනයනය කෙරෙන බව පැවසූ ඇමැතිවරයා රටට අවශ්‍ය මිරිස් වගා කිරීමට අනුරාධපුරය ඇතුළු දිස්ති‍්‍රක්ක හතක් හඳුනාගෙන තිබෙන බවත් පැවසීය.

එම දිස්ති‍්‍රක්කවල ගොවි පවුල් දහසක් හඳුනාගෙන මිරිස් වගාකිරීමට එක් පවුලකට ඉඩම් අක්කර භාගය බැගින් ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මිරිස් වගා කිරීමට එක් ගොවියකුට රුපියල් ලක්ෂ තුනහමාර බැගින් ආධාර ලබාදීමට රජය තීරණය කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව ඉදිරි වසර තුනේදී මෙරටට වියළි මිරිස් ආනයනය නතර කිරීම යැයි ද ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment