විල්ලුව ඕඩි ඇළේ මියගිය වනඅලින්ගේ මරණ පරීක්‍ෂණ සිදු කෙරේ

68

පොළොන්නරුව ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුව ඕඩි ඇළේ මියගිය වනඅලින් දෙදෙනා ගේ සහ අලි පැටව් පස් දෙනාගේ මරණ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (27දා) උදේ ගිරිතලේ පශු වෛද්‍ය කේ.ඒ කලිඟු ආරච්චි මහතා විසින් පවත්වන ලදී.

මරණ පරීක්ෂණ පැවැත් වීම සඳහා පිඹුරත්තෑව වනජීවි කාර්යාලයේ අඩවි සහකාර එස් .ඒ.වික්‍රමරත්න මහතා ගේ සහාය ද ලැබුණි. හඳපාන්විල විල්ලුව ඕඩි ඇළ අසල දී පශ්චාත් මරණ පරීක්ෂණ ගිරිතලේ පශු වෛද්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් භාර වෛද්‍ය කලිඟු ආරච්චි මහතා විසින් ඊයේ උදේ පවත්වන ලදී .

පෙරේදා උදේ අලින් ගේ මළසිරු පිඹුරත්තෑව වනජීවි කාර්යාලයේ නිලධාරීන් වනඅලීන් සිව් දෙනකුගේ මළසිරුර සොයාගත් බව ද මීට දින තුනකට ඉහත දී මිය ගිය අලීන් ගේ මළසිරුර තුනක් සොයාගත් බව පිඹුරත්තෑව වනජීවි කාර්යාලයේ නිලධාරියකු සඳහන් කළේය.

මිය ගිය වනඅලීන් අතර වයස අවුරුදු 15ත් 25ත් අතර අලීන් දෙදෙනකු සිටින බවද අවුරුදු 4ක් පමණ වයසැති වනඅලි පැටව් 4 දෙනෙක් ද අවුරුදු 1ක් පමණ වයසැති එක් අලි පැටවෙක් සිටින බව අලි මරණ පිළිබඳ පරීක්ෂණ පවත්වන වනජීවි කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

ජපන් ජබරවලින් වැසී ඇති ඕඩි ඇළේ තැනින් තැන තිබී අලි මළ සිරුර වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි. මෙම වනඅලි මරණ දිය පෙවීමෙන් දියේ ගිලී සිදුවූ මරණ බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඡායාරූප යෙන් දැක්වෙන්නේ ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී කළුආරච්චි මහතා ප්‍රධාන පිඹුරත්තෑව වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් අලි මරණ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන අයුරු.

ඇළහැර නිශ්ශංක වෙලගෙදර, අරලගංවිල රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment