විවාහයට බලපෑම් ඇති කරන සඳු-ගුරු යෝගය

184

සඳු, ගුරු යෝගය ඉතා දියුණු මනසක් හා බුද්ධිමත් පිරිසක් බිහිකර බොහෝ දෙනෙකුට පිහිටන යෝගයකි. ඇත්තෙන්ම මෙම යෝගයෙන් උපන් අය උසස් තත්ත්වයන්ට පැමිණ ඇතුවාක් මෙන්ම රටේ පිළිගත් තැන්වල සිටින බව සත්‍යයකි.

නමුත් මෙහි නියම තත්ත්වය උදාවෙන්නේ සඳු හා ගුරු යන ග‍්‍රහයන් දෙදෙනාම යෝගකාරකයන් වූ විටදීය. එසේ නොවුණොත් මෙහි ඉහත කී කිසිම ශුභ ප‍්‍රතිඵලයක් අත්කර නොදෙන බව විශේෂයෙන්ම කිව යුතුයි.

මෙම යෝගය පිළිබඳව සාරාවලියේ පැහැදිලි විස්තරයක් ගෙනහැර තිබේ. අපි බලමු මෙම ග‍්‍රහ සංයෝගය අපේ විවාහ ජීවිතයට කෙසේ බලපාවීද කියා.

සඳු, ගුරු යෝගය ඉතා ඉක්මනින් විවිධ සුභ අසුභ, ඇතිකරමින් වේගයෙන් වෙනස් වන ග‍්‍රහයන් දෙදෙනකු බැවින් මෙම යෝගයෙන් උපන් අය අති දාවන යෝගයක් සහිත අය බවත් කිව යුතුයි. තනි තනිව ගත් කළ සඳු ස්ති‍්‍රයකට සමාන කරන අතර සුකුමාලයි. ගුරු තාපසයෙකුට සමාන කරන අතර මෙම සංයෝග සහිත කෙනෙකු හා විවාහ වුවහොත් හරියට කුමකින් කුමක් සිදුවේද?

කෙසේ වෙතත් තාපසයෙක් හා විවාහ වූ ලාබාල සුකුමාල ස්තී‍්‍රන් ගැන සිහිනයක් මවන්න. ඇත්තෙන්ම ගුරු ස්තී‍්‍රන්ට ඇල්මක් දක්වයි. එමෙන්ම සඳු, ගුරු හොඳින් ගැලපෙයි. නමුත් දඟකාර, සුකුමාල ස්ති‍්‍රයක් ළඟ තබාගෙන සිටින තාපසයාට මෙම ස්ති‍්‍රයගේ සියලූ ඕනෑ එපාකම් ඉටුකර දිය නොහැක. එසේ නම් විවාහ යුවළකට මෙම යෝගය පිහිටා ඇත්නම් එනම් සඳුට යෝග වුණ ගුරු හෝ ගුරුට යෝග වුණ සඳුට හෝ දීර්ඝ කාලයක් එකට වාසය කිරීමට නොහැකි වෙයි. දෙදෙනාගේ සිතුම් පැතුම් විවාහවී ටික කලකින් වෙනස්වීමට පටන්ගනියි. ලිංගික සන්තර්පය ටිකෙන් ටික හීනවී යයි. මෙය විශේෂයෙන් සිදුවන්නේ දෙදෙනාගේම ආසාවල්වල පවතින ගට්ටන හමුවේය.

බොහෝ විට මෙම යෝගය දෙදෙනාට හෝ දෙදෙනාගෙන් කෙනෙකුට පැවතිය හැක. මුලින්ම එම තැනැත්තායි ප‍්‍රතිඵල දක්වන්නේ. තරුණ ස්ති‍්‍රයක් තාපසයෙකුට නොගැලපේ. නමුත් මුලින් ඔවුන් දෙදෙනා හොඳින් තම විවාහ ජීවිතය ගෙන යයි. ටිකෙන් ටික තාපසයාට මෙම තරුණ බිරිඳව මෙල්ල කර ගැනීමට නොහැකි වෙයි. හිමින් ඔහු ඇයව පළවාහරින්න හේතු සොයයි.

මන්ද එම තැනැත්තාට එම ස්ති‍්‍රයගේ ඕනෑ එපාකම් ඉටුකර දෙන්නට තරම් ශක්තියක් නැතිවී යයි. බොහෝ විට මෙම ලිංගික හැඟීම් එපා වීම හෝ ලිංගික ශක්තිය නොමැති වීම ඇතිවන්නේ සඳු, ගුරු යෝගය කටක රාශියේ තැන්පත් වීමෙනි.

ජ්‍යොතිෂවේදිනී
ඉවෝන් දිසානායක,
ඉටුමිණ මංගල ආයතනය.

advertistmentadvertistment
advertistmentadvertistment