විවාහ දෝෂ දුරලන දස දිසා පිරිත

335

මිනිස් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම මෙන්ම සතුට, තෘප්තිය, සහයෝගය, දියුණුව උදෙසා විවාහය ඉතාම වැදගත් සාධකයක් වේ. විවාහය යනු ආත්මීය බැඳීමකි. හින්දුන්ගේ මතය වන්නේ විවාහය ආත්ම හතක බැඳීමක් බවයි. විවාහය පුද්ගලයාගේ දෙවන උපත ලෙස ද සැලකෙන අතර පුද්ගල ජීවිතයේ සැපත මෙන් ම විපත ද රැඳී ඇත්තේ විවාහය තුළ ය.

වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට වන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල තුළ සතුට, සමගිය ක්‍රමක්‍රමයෙන් පලාගොස් විවාහය දික්කසාදයෙන් කෙළවර වන ප්‍රතිශතය වර්තමානයේ එන්න එන්නම වැඩිවී තිබේ. දික්කසාද නොවූවත් බොහෝ අඹුසැමියන් ජීවත් වන්නේ තම විවාහ ජීවිතය තුළ ඉතා දැඩි කලකිරීමකිනි. ඔවුන් එක වහලක් යටට වී සිටින්නේ කවර හෝ හේතු නිසා ලෝකයාට පෙනීමට පමණි. මේ සඳහා මූලිකව බලපාන්නේ පෙර ආත්මවල කරන ලද පව් පින් බලය මත තීරණය වූ ඔබගේ ජන්ම පත්‍රය ආශ්‍රිතව තිබෙන අසුබ ග්‍රහ බලයයි. ජන්ම පත්‍රය තුළ පැවැතිය හැකි එබඳු විවාහ දෝෂ ගණනාවක් පැරණි ඍෂිවරු විසින් පෙන්වා දී ඇත. කුජ භෞම දෝෂය, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා දෝෂය, කඩහන්දි මාරක දෝෂය, නාශාංශක දෝෂය, වැන්දඹු දෝෂ, බහු විවාහ යෝග, සරාගී යෝග, වඳ යෝග අවිවාහක යෝග ඒ අතරින් කීපයකි.

විවාහය සඳහා ඇති හෝ විවාහ සතුට සඳහා ඇති මෙම ග්‍රහ බාධාවන් නිවැරැදිව හඳුනා ගත්විට ඉන් බොහොමයක් නිවැරදි ග්‍රහ ශාන්ති කර්ම මගින් සමනය කළ හැකිය. මේ සඳහා බෝධි පූජා, පිරිත් සූත්‍ර සජ්ක්‍ඨායනා, සෙත් කවි ගායනා, නවග්‍රහ පූජා යන්ත්‍ර පැලඳීම, මන්ත්‍ර භාවිතය, දේව පූජා වැනි ග්‍රහ ශාන්තිකර්ම ඇත. නිදසුනක් ලෙස යම් අයෙකුගේ විවාහ ප්‍රමාදයට හේතුව එම ජන්ම පත්‍රයේ ශනි, සිකුරු යෝගය පැවැතීම නම් එම තැනැත්තා කළ යුත්තේ ශනි හා සිකුරු බලවත් කිරීමට ශාන්ති කර්ම කිරීමයි. එමගින් එම විවාහ දෝෂය මඟ හරවා ගතහැකිය. පෙර ආත්මවල අප සිදු කළ අකුසල කර්මයන් යටපත් කර අහෝසි කිරීමේ අති මහත් ශක්තියක් පිරිත් පොතේ එන සෙත් පිරිත් දේශනා තුළ ගැබ්ව ඇත. විවහා පොරොන්දම් පරීක්ෂාවේ දී දෙදෙනාගේ ගැළපීම සතුටුදායක නොවෙතත් අත්හැරීමට නොහැකි ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වුණ දෙදෙනෙකුට සිය විවාහය බිඳ නොවැටී පවත්වා ගැනීමට දස දිසා පිරිත භාවිත කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙම පිරිත ගව, සූකර ඇතුළු සියලු මස් මාංශ අනුභවයෙන් හා මත්පැන්, දුම්වැටි පානයෙන් මිදී, පස් පවින් වැළකී ධාර්මික දිවි පෙවතක් ගත කරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා, තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස බුදුරජාණන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් හා ගිලන්පස තබා තෙරුවන් නැමඳ බුදුරජාණන් වහන්සේ වන්දනා කොට සජ්ක්‍ඨායනා කළ යුතුය.

දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත.

දිසාසු දස භාගේසු – ඨිතා බුද්ධානු භාවතෝ

වෙරාපි අන්තරායාපි – විනස්සන්ති අසේසතෝ

ඒව මාදි ගුණෝපේතං – පරිත්තං තං භණාමහෙ

පදුමුත්තරෝ පුරත්ථි මායං – අග්ගම්හිචේච රේවතෝ

දකඛිණේ කස්සපො බුද්ධෝ- නෙරුතේ ච සුමංගලෝ

පචිඡිමේ ච සිඛී බුද්ධෝ – වායව්‍යා මේධංකරෝ

උත්තරෝ පියදස්සී ච – ඊසානේ දීපංකරෝ

පථව්‍යා කකුසන්ධෝ ච – ආකසේ සරණංකරෝ

අචිචන්තරායා සබ්බේ තේ – සෝක රෝග භයපි ච

විනස්සන්තු සදා තුය්හං – සබ්බීරියා පථේසු ච

යක්ඛාදී දේවතාභී ච – රාජ චෝරාරි අග්ගිහි

අමනුස්සේහි සබ්බෙහි – තිරච්ඡාන ගතේහි ච

ජාතා උපද්දවා සබ්බේ – විනස්සන්තූ අසේසතෝ

සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ – සාරිපුත්තෝ ච දකඛිණේ

වාමංසේ මොග්ගල්ලානෝ – තේ පුරතෝ පිටකත්තයං

පච්ඡිමේ තව ආනන්දෝ – චතුද්දිසා ඛීණාසවා

සමන්තා ලෝකපාලා ච – ඉන්දදේවෝ ච බ්‍රහ්ම ච

එතේසං ආනුභාවේන – සම්බූපද්ද වුපද්දවා

අනේකා අන්තරායාපී – විනස්සන්තූ අසේසතෝ

මෙම පිරිත තමාට කියනවිට (මේ) යන්නත් අන් අයට කියනවිට (තේ) යන්නත් යොදා කියවිය යුතුය.

විවාහ දෝෂ දුරලන දස දිසා පිරිත

ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
විදුහල්පති දේශමාන්‍ය දේශබන්දු
ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ දැරණියගල. 076 8248000

advertistmentadvertistment
advertistmentadvertistment