විවිධ විචාර විෂයයන් හසු කර ගත් ”සමකාලීන විචාර ලේඛන’’

934

වර්තමානයේදී සාහිත්‍ය විචාරයක් නැත, සාහිත්‍ය විචාරකයන් නැත යනුවෙන් පවසන ලේඛක ලේඛිකාවන්ගේ සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි වන බවක් පෙනේ. මෙසේ ප‍්‍රකාශ කිරීමට ඔවුන් පොලඹවාලන්නේ පුවත්පත් සම්මුඛ සාකච්ඡුාකරුවන් බව පෙනේ. කිසියම් ලේඛකයෙකු හෝ ලේඛිකාවක සමග සම්මුඛ සාකච්ඡුාවක් පවත්වන සම්මුඛ සාකච්ඡුාකරුවන්ගේ එක් ප‍්‍රශ්නයක් වන්නේ ‘‘අද සාහිත්‍ය විචාරයක් ඇද්ද? අද සාහිත්‍ය විචාරය ගැන ඔබේ අදහස් මොනවාද?’’ යන්නයි. සාහිත්‍ය සම්මානවලින් පසුව සම්මානලාභීන් පවසා සිටින්නේද අද සාහිත්‍ය විචාරයක් හෝ සාහිත්‍ය විචාරකයන් නොමැති බවයි. මේ ප‍්‍රකාශ කරන සමහරු විශ්වවිද්‍යාලවල සේවය කළ හෝ සේවය කරන සිංහල පිළිබඳ මහාචාර්යවරුන් වීම හාස්‍යය දනවයි. අන් අය තම තමන්ගේ නැණ පමණින් මිතුරන්ගේ හෝ හිතවතුන්ගේ ස්වතන්ත‍්‍ර නිර්මාණ හෝ පරිවර්තන පිළිබඳව පුවත්පත් මගින් අදහස් දක්වන්නෝ වෙති. ඔවුන් ඒවා විචාර වශයෙන් හෝ තමන් විචාරකයන් ලෙසින් හෝ නොසලකනවා ඇත.

විවිධ විචාර විෂයයන් හසු කර ගත් ”සමකාලීන විචාර ලේඛන’’

සාහිත්‍ය විචාරයක් හෝ සාහිත්‍ය විචාරකයන් මෙරට නැතැයි මම නොපිළිගනිමි. මීට දසක කිහිපයකට පෙර සිටි සාහිත්‍ය විචාරකයන්ට වඩා වැඩි සාහිත්‍ය විචාරකයන් පිරිසක් මෙරට සිටින බව අප පිළිගත යුතුය. එහෙත් සාහිත්‍ය විචාරයේ අඩු පාඩු, සීමාකම් හා දුර්වලතා පවතී. සිංහල නවකතාව ගෙන බැලූවහොත් සමස්තයක් ලෙස ඒවායේ විවිධ ප‍්‍රවර්ග, ප‍්‍රවණතා, තේමාවන්, අන්තර්ගතය, ආඛ්‍යානයේ සුවිශේෂතා හා භාෂාව හඳුනාගත් විචාරකයන් ඇත්තේ අතළොස්සකි.

 අද විචාරයට ඇති සීමාකම්ද අප අවධානයට ගත යුතුය. එදා මෙන් අද විචාර ග‍්‍රන්ථ, පාඨ ග‍්‍රන්ථ බවට පත්වන්නේ නැත. වික‍්‍රමසිංහගේ හා සරච්චන්ද්‍රගේ විචාර ග‍්‍රන්ථවලින් පරිබාහිරව ඇති වෙනත් විචාරකයන්ගේ විචාර ග‍්‍රන්ථ කෙරෙහි සරසවි ඇදුරන්ගේ වුවද අවධානය යොමු නොවේ. වාර සඟරා පළ නොවීම, පුවත්පත්වල සාහිත්‍ය පිටු ප‍්‍රමාණය අඩුවීම හා පුවත්පත් විචාරය තීරු දෙක තුනකට සීමා කිරීම, ග‍්‍රන්ථ විචාරකයන් විචාර ග‍්‍රන්ථ පළ කිරීමට දක්වන මැලිකම සාහිත්‍ය විචාරයට බලපාන්නා වූ බාහිර සාධක අතර වෙයි. මෙයට එක් කළ යුතු තවත් කරුණක් වන්නේ සමහර පුවත්පත්වල සාහිත්‍ය පිටු සංස්කාරකවරුන් සමහර විචාරවලට ඉඩ ලබා දීම ප‍්‍රතික්‍ෂේප කිරීමයි. සාහිත්‍ය විචාරය, විචාරයට ලක් කිරීමක් ද මෙරට සිදු නොවේ.

 මෙබඳු වාතාවරණයක් යටතේ වර්තමානයේදී සාහිත්‍ය විචාරයේ අඛණ්ඩව නිරත වන ගණනින් ස්වල්ප වූ සාහිත්‍ය විචාරකයන් අතර මහාචාර්ය කුලතිලක කුමාරසිංහ ප‍්‍රමුඛස්ථානයක් ගනියි. ඔහුගේ සාහිත්‍ය විචාර ග‍්‍රන්ථ මාලාව මෙයට ඉදිරිපත් කළ හැකි හොඳම සාක්ෂ්‍යය වෙයි.

 අප ඉහත හැඳින්වීම ඉදිරිපත් කළේ එතුමන්ගේ නවතම විචාර ග‍්‍රන්ථය වන ”සමකාලීන සාහිත්‍ය විචාර ලේඛන’’ නමැති පරිච්ෙඡ්ද 18කින් හා පිටු 480කින් සමන්විත විචාර ග‍්‍රන්ථය ගැන (2021) පුවත්පතක සීමාවන් දැනගෙන කෙරෙන විවරණයක් කිරීමටය. සාහිත්‍ය විචාරයක් හෝ සාහිත්‍ය විචාරකයන් නැතැයි අනවබෝධයෙන් අදහස් ප‍්‍රකාශ කරන සාහසික ප‍්‍රකාශකයා විචාරයේ ක්‍ෂුද්‍ර මට්ටම් හා සාර්ව මට්ටම් ඇති බව දැනගත යුතුය. ක්‍ෂුද්‍ර මට්ටම කිසියම් කේවල කෘතියක් ගැන කෙරෙන විචාරයක් වේ. සාර්ව මට්ටම කේවල කෘතිද සැලකිල්ලට ගනිමින් විශ්ව සාහිත්‍ය විචාර න්‍යායක්ද උපුටාගෙන කෙරෙන සාහිත්‍ය විචාර න්‍යාය පෝෂණය කිරීමක් සංවර්ධනය කිරීමක් හා නව න්‍යාය ඉදිරිපත් කිරීමක් වේ. මහාචාර්ය කුමාරසිංහයන්ගේ සාහිත්‍ය විචාර ග‍්‍රන්ථ මෙම දෙවැනි ගණයට ඇතුළත් කළ හැකිය. ක්‍ෂුද්‍ර මට්ටමේ විචාරය අන්වීක්‍ෂයකින් බලා සිවුම් සැතක් ගෙන කෙරෙන සියුම් ශල්‍යකර්මයකට සමාන වන්නක් වන අතර සාර්ව මට්ටමේ විචාරයට අන්වීක්‍ෂය මෙන්ම දුරදක්නයද භාවිත කළා වෙයි. අවාසනාවකට අපේ බොහෝ ක්‍ෂුද්‍ර මට්ටමේ විචාර පෙරවදන හා පසුපිට කවරය බලා කෙරෙන ”විචාරයක්’’ පමණක් වන්නේය. විචාරයක් නැතැයි බැණ වදින ලේඛක ලේඛිකාවෝද සමහර විචාරකයෝද විචාර නොකියවති.

 ”සමකාලීන සාහිත්‍ය විචාර ලේඛන’’ ලිපි සමුච්චයේ ඇතුළත් ලිපි කොටස් හතකට බෙදා දැක්විය හැකිය. ඒවා නම් ස.) සාහිත්‍ය සංකල්ප හා සිද්ධාන්ත. සස.) මෙරට සිටි විශිෂ්ට සාහිත්‍යවේදීන්. සසස.) කෙටිකතාව. සඩ.) සිංහල නවකතාව. ඩ.) විදේශ සාහිත්‍යකරුවන්. ඩස.) විදේශ සාහිත්‍යය. ඩසස.) කාව්‍ය විචාරය යනුවෙනි. මෙයින් සාහිත්‍ය සංකල්ප හා සිද්ධාන්ත යටතේ ”ධ්වනිවාදය හා ප‍්‍රායෝගික විචාරය පිළිබඳ විමසීමක්’’ (11-45 පිටු), ”කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කොටගෙන විකාශනය වූ සාහිත්‍ය විචාරය’’ (106-87 පිටු), ”ඒ. එම්. ජී. සිරිමාන්න හා භාවිත විචාරය’’ (284-324 පිටු) යන ලිපි ගොනු කළ හැකිය. මෙරට සිටි විශිෂ්ට සාහිත්‍යවේදීන් යටතේ ”යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම හිමියන්ගේ සාහිත්‍ය විචාර ක‍්‍රමවේදය’’ (46-66 පිටු), ”ජේම්ස් ද අල්විස් සහ සාහිත්‍ය විචාරය’’ (124-136 පිටු) යන ලිපි ඇතුළත් කරමු. කෙටිකතාව යටතේ ”සිංහල කෙටිකතාවේ විකාශන අවස්ථාට් (67-105 පිටු) හා ”නත්තල තේමා කරගත් කෙටිකතා පිළිබඳ විමසීමක්’’ (262-272 පිටු) යනුවෙන් ලිපි දෙකකි. සිංහල නවකතාව යටතේ ”මායා යථාර්ථවාදය හා සිංහල නවකතාව’’ (137-200 පිටු), ”සිංහල නවකතාව පිළිබඳ විමසීමක්’’ (391-452 පිටු) යන ලිපි දෙක ඇතුළත් කරමු. විදේශ සාහිත්‍යකරුවන් වශයෙන් ”ඉංග‍්‍රීසි සාහිත්‍ය විචාරයේ සමාරම්භකයා’’ (118-123 පිටු), ”එඞ්මන්ඞ් ස්පෙන්සර්’’ (201-204 පිටු), ”ජෝන් ඩ‍්‍රයිඩෙන්’’ (273-275 පිටු), ”වික්ටෝරියානු මහා නවකතාකරුවා’’ (276-283 පිටු) යන ලිපි ඇතුළත් කරමු. විදේශ සාහිත්‍යය යටතේ ලිපි දෙකක් ඇතුළත් කළ හැකිය. ඒවා නම් ”නූතන ජපන් නවකතාව පිළිබඳ විමසීමක්’’ (205-201) හා ”තිබෙතීය සාහිත්‍යය’’ (384-390) යන ලිපි දෙකයි. ”විමල් දිසානායකගේ පියසිරිගේ සමුගැන්ම’’, ”නන්දන වීරසිංහගේ භාවපූර්ණ කාව්‍ය නිර්මාණ’’ (344-383 පිටු) යන ලිපි කාව්‍ය විචාරය පිළිබඳව වෙයි.

 පුවත්පත් ලිපියක් වන හෙයින් අවාසනාවකට මෙම ලිපි ගැන සවිස්තර විවරණයක් කළ නොහැකි වේ.

 භාවිත විචාරය පිළිබඳව මුලින්ම සිංහලෙන් සාකච්ඡා කිරීම ඇරඹුවේ 1957 දී ”සංස්කෘති වාර සඟරාව මගිනි’’. මෙහිදී ආචාර්ය අමරදාස වීරසිංහ (මියගිය) හා ධර්මසිරි ඒකනායක (මියගිය) පුරෝගාමී මෙහෙවරක් කළහ. ඒ. එම්. ජී. සිරිමාන්න ”භාවිත විචාරය’’ නමින් මුලින්ම ග‍්‍රන්ථයක් සම්පාදනය කළද ඔහු භාවිත විචාරය හැඳින් වූ ආකාරය පිළිබඳව ”සංස්කෘති’’ විචාරකයන්ට වෙනස් අදහස් තිබූ බව ”සංස්කෘති’’ සඟරාවේ පළ වී ඇති ලිපි අපට පෙන්වා දෙයි.

 ”සිංහල කෙටිකතාවේ විකාශන අවස්ථාට් මෙම ලිපි සමුච්ඡුයට ඇතුළත් වන්නා වූ තවත් වැදගත් ලිපියකි. සිංහල කෙටිකතාව ගැන කතුවරයා විසින් කර ඇති දත්ත අධ්‍යයනය මෙහිදී සාරාංශගත කෙරේ. මෙලෙස අඛණ්ඩව කිසියම් සාහිත්‍ය ප‍්‍රවර්ගයක් ගැන නිරන්තර අවධානයේ, තොරතුරු ගබඩා කිරීමේ හා විචාරයේ යෙදී සිටින එකම එක සාහිත්‍ය විචාරකයා හා ඇකඩමිකයා වන්නේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් පමණක් බැව් අපි මීට ඉහතදීද කිහිප වාරයක් පෙන්වාදී ඇත්තෙමු. විචාරයක් නැතැයි මැසිවිලි නගන ලේඛක – ලේඛිකාවන්ද තමාගේ නම හා කෘති ගැන මෙම ලිපියේ සඳහන් වන්නේදැයි බැලීම වටී! නත්තල තේමා කරගත් කෙටිකතා පිළිබඳ විමසීමේදී එබඳු කෙටිකතා සිංහලෙන්ද ලියැවී ඇද්දැයි විමසා බැලීමට පාඨකයා හා විචාරකයා මෙහෙය වෙයි.

 අද කාව්‍ය විචාරයක් නැතැයිද මැසිවිලි නගන කවීන් විසින්ද කියැවිය යුතු ලිපි දෙකක් මෙම ලිපි සමුච්චයට ඇතුළත් වේ. කවිය ගැන විචාරයක් නැතැයි කීමට පෙර කවියක් ඇද්දැයි විමසා බැලීම වටී. අද ලියැවෙන හැම ”කවියක්ම’’ කවි නොවේ. අද පෙනී සිටින හැම කවියෙක්ම කවියෙක් නොවේ. විමල් දිසානායකගේ ”ජයසිරිගේ සමුගැනීම’’ නම් ආඛ්‍යාන කාව්‍ය ගැන කරන ලද විචාරය (324-345 පිටු) මට බොහෝ සමීප වන්නේ මාද එම කාව්‍යාඛ්‍යානය ගැන විචාරයක් ලියා ඇති හෙයිනි.

 නන්දන වීරසිංහගේ කාව්‍ය ග‍්‍රන්ථ කිහිපයක් විචාරයට ලක් කරන කුමාරසිංහගේ ජපන් කාව්‍ය පිළිබඳව ඇති නිසි දැනුම හා අවබෝධය ප‍්‍රදර්ශනය කරමින් ”වක’’ හෙවත් ”තන්ක’’ යනුවෙන් හඳුන්වනු ලබන සම්භාව්‍ය ජපන් පද්‍යය ගැනද ”හයිකු’’ ගැනද විවරණයක යෙදේ. කවියා එම කාව්‍යවල දාර්ශනික හරය මෙන්ම විචිත‍්‍රත්වය උකහා ගත් බව ඔහු කියයි. (359 පිටුව) සිංහල කවියාට ”වක’’ හෝ ”හයිකු’’ ලිවිය නොහැකි බව ඔහු නොකියයි. ”කෙටි කවි’’, ”සැකෙවි කවි’’ යන කාව්‍ය ප‍්‍රවර්ගයක නියැළීමෙන් නූතන සිංහල කවියා අපට උරුම වූ කවිය වනසා දැමූ බවක්ද අපට පෙනේ. වර්තමාන ජපන් කවීන් ”වක’’ හෝ ”හයිකු’’ ලියන්නේදැයි මම නොදනිමි. අපට සීගිරි ගී නැවත ලිවිය හැකිද? මාක්ස් හා එංගල්ස් අපට පෙන්වා දී ඇත්තේ සෑම ඓතිහාසික යුගයකම එයටම ආවේණික වන්නා වූ සෞන්දර්යාත්මක පරමාදර්ශ ඇති බවත් එහි විශේෂිත ස්වරූපයට අනුව කලාත්මක කෘති නිපදවන බවත්, ඒවා වෙනත් තත්ත්වයන් යටතේ නිර්මාණය කළ නොහැකි බවත්ය. එම කලා හා සාහිත්‍ය නිර්මාණ මුළු මහත් මානව සංහතියටම අයත් වන අතර ඒවා තවදුරටත් අපට සෞන්දර්යාත්මක ප‍්‍රීනනයක් ගෙන දෙයි. අපට කළ හැක්කේ ව්‍යාජ අනුකරණ හෝ අනුරූ නිපදවීමත් පමණි. ඒවා නිර්මාණ කිරීමකට වඩා නිපදවීමකි. වෙළඳපොළ සඳහා මේ කලා භාණ්ඩ යළි නිපදවන්නේ මේ අයුරිනි. එසේම චීන රජයේ සුවිශේෂී ආකෘතියක් වූ ”ලූ ශින්’’ කවද සිංහලයට පරිවර්තනය වූයේ ”බෙහෙත් සීට්ටු’’ වශයෙනි.

 කුලතිලක කුමාරසිංහයන්ගේ මෙම ලිපි සමුච්චය දෙස බලන විට ඇස ගැසෙන ශාස්ත‍්‍රාලයීය විචාරයේ ඛේදවාචකය නම් මෙහි අන්තර්ගත සියලූ විෂයයන් ගැන සිංහලයෙන් ලිවීම බාරගත යුතුව ඇත්තේ එක් තනි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු පමණක් වීමයි. තවමත් මෙරට පියදාස සිරිසේන, මාර්ටින් වික‍්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුණදාස අමරසේකර පිළිබඳව විශේෂඥ විචාරකයෙකු පහළ වී නොමැති බවයි.

 * සේන තෝරදෙනිය

advertistmentadvertistment
advertistmentadvertistment