ලබන මස 13 සහ 14 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ 67 වැනි විවෘත නෙට්බෝල් තරගාවලිය පෙබරවාරි මස දක්වා කල් දැමීමට බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමය තීරණය කොට ඇත.
මෙම තරගාවලිය ඉහත දිනවල කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට විධිවිධාන යොදා තිබූ නමුදු අදාළ ක්‍රීඩාංගණය වෙන් කර ගැනීමේ දී සිදු වූ ගැටලුවක් මත තරගාවලිය පෙබරවාරි දක්වා කල් දැමීමට පියවර ගෙන ඇත.
ක්‍රීඩාංගණ ගැටලුව විසඳා ගත් පසු අදාළ තරගාවලිය පෙබරවාරි මාසයේ පවත්වනු ලබන දිනයන් ප්‍රකාශ කිරීමට නියමිත වේ.
මේ අතර මෙම තරගාවලිය නියමිත පරිදි ජනවාරි මුල් සතියේ පැවැත්වූයේ නම් මේ දිනවල පාසල් නිවාඩුව ක්‍රියාත්මක හෙයින් ගැටලුවකින් තොරව පාසල් ක්‍රීඩිකාවන්ට තරගාවලිය සඳහා සහභාගි විය හැකි බව ක්‍රීඩිකාවෝ පවසති.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සිටින පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වූ සුපිරි ක්‍රීඩිකාවන් සියල්ල සහභාගී වන හෙයින් 2024 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කොට ගෙන ජාතික මට්ටමේ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීමේ අවස්ථාවක් ලෙස මෙම තරගාවලිය හඳුන්වයි.
කුෂාන් සුබසිංහ