කැබ්නට් අනුමැතිය හිමි වූ විශ්‍රාමිකයන්ගේ රු. 3000ක අන්තර්කාලීන මාසික දීමනාව හිඟමුදල් ද සමග ඔක්තෝබර් මස සිට ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විශ්‍රාමිකයන් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු. 2500ක දීමනාවට අමතරව වැටුප් විෂමතා ඉවත් කරන තෙක් මෙම රු. 3000ක අන්තර්කාලීන දීමනාව ගෙවන බවද ඇමතිවරයා කියයි.
මේ අනුව සැප්තැම්බර් මාසයේ ගෙවිය යුතු රු. 3000ක හිඟ මුදල ද සමග ඔක්තෝබර් මාසයේ දී විශ්‍රාම වැටුප සමග රු. 6000ක මුදලක් විශ්‍රාමිකයන්ට හිමිවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.
මේ අනුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රු. 2500ක දීමනාවට අමතරව අලුතින් ලබාදෙන මෙම රු. 3000ක අන්තර්කාලීන දීමනාව ද විශ්‍රාමිකයන්ට ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මෙම රු. 3000ක දීමනාව සඳහා මුදල් අමාත්‍යාංශය පූර්ණ ලිඛිත අනුමැතිය ලබා දී ඇත. එහෙත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සැප්තැම්බර් මාසයේදී එම දීමනාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව විරෝධය පළකර ඇත. ඒ අනුව සැප්තැම්බර් මස ලැබිය යුතු රු. 3000ක හඟ දීමනාව සමග ඔක්තෝබර් මාසයේ රු. 3000ක දීමනාව ද එක්ව රු. 6000ක් විශ්‍රාමිකයන්ට ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප සමග අනිවාර්යයෙන්ම ලබාගත හැකි බවද රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා තවදුරටත් කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත