විශ‍්‍රාමික ගුරුමව්පියවරුන්ට සිත් තැවුලෙන් මියයන්න දෙන්න එපා

348

රටක අනාගතයත් වර්තමානයත් යන දෙකම රඳා පවතිනුයේ එම රටේ දරුවන්ගේ ඇස් පාදන දරුවන් වෙනුවෙන්ම සේවයට කැපවෙන පාසල් ගුරු භවතුන්ගේ අතේය. එවන් සේවයකට කැපවුණු ගුරුවරුන් අවුරුදු 24 ක් තිස්සේම අරගල කරන ලද්දේ ඔවුන් හට හිමි වැටුප ලබාගැනීම උදෙසාය. ගුරු – විදුහල්පතිවරුන් 1997-2021 දක්වා අරගල කළේ වැඩි යමක් ඉල්ලා වැඩි වරප‍්‍රසාද ඉල්ලා නොව තමන්ට හිමි වැටුප් තලයේ පිහිටුවන ලෙසය.

 අරගලයේ ඉදිරියෙන්ම සිටි බොහෝ පිරිසක් දැන් විශ‍්‍රාම ගොස් ඇති අතර ඔවුන් රෝගීව සහ ජීවිතයේ සැ`දෑ සමය ගෙවමින් සිටින අතර මූල්‍යමය අවශ්‍යතාව දැඩිව දැනේ. ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවද විසඳීමේදී විශ‍්‍රාමික ගුරු – විදුහල්පතිවරුන් නොසලකා හැරීම මහත් අසාධාරණයකි.

 ජීවිත කාලයම රටේ දූ දරුවන් වෙනුවෙන්ම දැනුම, ශ‍්‍රමය, වැටුප කැප කළ ගුරුවරුන් තමන්ගේ නිවස දූ දරුවන් ගැන සිතනුයේ විශ‍්‍රාම ගිය පසුවය. ඔවුන්ට ඉටුකළ යුතු යුතුකම් සහ නිවසේ අලූත්වැඩියා බොහෝය. ඒ අධික වියපැහැදමත් දැරීමට සිදුවේ. ඔවුන්හට මුදල්වල අවශ්‍යතාව තදින්ම දැනෙනුයේ විශ‍්‍රාම ගිය පසුවය.

 ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට රජය මැදිහත්වීම ගැන මහත් බලාපොරොත්තු තබාගෙන තමන්ට අයිති වැටුප විශ‍්‍රාම කාලය තුළවත් ලැබෙතැයි යන බලාපොරොත්තුවෙන් විශ‍්‍රාමික විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් මහත් අමන්දානන්දයට පත්ව සිටි අතර ඔවුන්ගේ සියලූම බලාපොරොත්තු නව චක‍්‍රලේඛය නිකුත්වීමත් සමගම සුණුවිසුණු විය.

 නව චක‍්‍රලේඛයෙන් ගුරු – විදුහල්පති අරගලයේ ඉදිරියෙන්ම සිටි විශ‍්‍රාමික ගුරු භවතුන් ගැන තැකීමක් සිදුකර නොතිබිණි. තීරණ තීන්දු ගන්නා මැතිඇමැතිවරුන්ගේ සිට උසස් නිලධාරීන්ගේද තමන්ගේ ඇස් පෑදූ තමන් භුක්ති විඳිනා සැප සම්පත් සහ වරප‍්‍රසාදවල පිටුපස සිටිනා ගුරු මව් – පියවරුන්හට සිත්තැවුලෙන් මියයෑමට නොදී ඔවුන්ට හිමි වැටුපවත් සාදාදීම ඔවුන්ගේ පරම යුතුකමක්වනු ඇත.

 විශ‍්‍රාමික ගුරුභවතුන් පිරිසක්
 මොරටුව


advertistmentadvertistment