විශ්වයේ වේගවත්ම මිනිසා නෝවා

310

ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට ඇමෙරිකා එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස්ට සමත්විය.

ඒ, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරග ඉසව්ව ජයගෙන එහි රන් පදක්කම හිමිකර ගනිමිනි.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරග ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 9.79 කින් අවසන් කරමින් නෝවා ලයිල්ස් එහි රන් පදක්කම දිනා ගත්තාය.

මෙහි රිදී පදක්කම ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර කිෂාන් තොම්සන් විසින් හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම එකසත් ජනපදයේ ෆ්රෙඩ් කර්ලි විසින් හිමිකර

ගන්නා ලදී. පසුගිය වර මීටර් 100 ඔලිම්පික් ශූරයා වූ ඉතාලියේ මාර්සෙල් ජේකබ්ස්ට මෙවර පස්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූරයෙක්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වේ රන් පදක්කමක් දිනා ගත්තේ 2004 ඇතැන්ස් ක්‍රීඩා උළෙලෙන් පසුව වීම ද විශේෂත්වයක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment