විශ්වාසභංගය විවාදයට මැතිසබය අද සහ හෙට රැස්වෙයි

131

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අද සහ හෙට (19-20) දෙදින රැස්වෙයි.

මෙම දින දෙකේම පාර්ලිමේන්තුව පෙරවරු 10ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා සැසිවාරය අඛණ්ඩව පැවැත්වෙයි. දිවා ආහාරය දහවල් 12.30 සිට දහවල් 1.30 දක්වා පැවැත්වේ. වාචික ප‍්‍රශ්න කාලය නොමැතිව පළමු දින විවාදය දිගටම කරගෙන යනු ඇත.

දෙවන දිනය උදේ 10 සිට 11 දක්වා වාචික ප‍්‍රශ්න සඳහා වෙන් කර ඇත. හෙට සවස 5.30ට විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතය.

– අකිත පෙරේරා


advertistmentadvertistment