මුල්ලේරියාව බෝවන රෝග ප‍්‍රතිකාර රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා කොවිඞ් මර්දන සායනික කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කොවිඞ් රෝග මර්දන සායනික කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි නිසා මෙම ඉල්ලා අස්වීමේ තීරණයට පැමිණි බවද ඒ මහතා සිය ඊමේල් පණිවුඩයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.
සුජීව තත්සර