විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවෝ 200 ක් ඊයේ පාර්ලිමේන්තුව බලන්න එති

55

ආබාධ සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවෝ 200 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීම සඳහා ඊයේ (04දා) පාර්ලිමේන්තු ගැලරිය වෙත පැමිණ සිටියහ.

 ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ එවැනි විශාල පිරිසක් පාර්ලිමේන්තු කටයුතු දැක බලාගැනීමට පැමිණි ප්‍රථම අවස්ථාව එය බවයි. මෙම අවස්ථාව ඉතිහාසගත වන බවත් එම ආබාධිත දරුවන් සියලු දෙනාම සතුටින් පිළිගන්නා බවත් හෙතෙම පැවසීය.

 කථානායකවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව ඒ සම්බන්ධයෙන් මැති සබයේ මෙසේ අදහස් පළ විය.

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – ආබාධිත ප්‍රජාව වෙනුවෙන් 2008 සිට පැහැදිලි අණ පනත් ඉදිරිපත් කරන බව කිව්වත් අද වනතුරු එවැනි පනතක් ඉදිරිපත් වී නැහැ. පාර්ලිමේන්තුවේ 225 ම වෙනුවෙන් ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට එම අණ පනත් ඉක්මනින්ම ඉදිරිපත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

 සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පැස්කුවෙල් මහතා – ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ඉදිරි දිනවල ඉදිරිපත් කරනවා.

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – ආබාධිත අයිතිවාසිකම් පනත එන්නේ නැති හේතුව මම පැහැදිලි කරන්නම්. ආබාධිත ප්‍රජාව එකම ඉල්ලීමයි කරන්නේ. මේ විෂයය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ තිබෙනවාට බොහෝ දෙනා විරුද්ධයි. මෙය ජනාධිපති හෝ අගමැති යටතට ගේන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment