ඉන්දියාවේ තිරිච්චි විශේෂ කදවුරක ර`දවා සිටින ශ‍්‍රී ලංකාවේ දෙමළ සරණාගතයන් 71 දෙනකුගෙන් 26 දෙනකු වස පානය කොට සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් තිරිච්චි රෝහල වෙත 21 දා ඇතුළත් කොට තිබේ.

මෙම කදවුරේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ ර`දවා ඇත්තේ ඉන්දියාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයෝය.
ඔවුන් මෙම විශේෂ රැු`දවුම් ක`දවුරෙන් නිදහස් කරන ලෙස ඉල්ලා මීට මාසයකට පමණ ඉහතදී දියත් කළ උපවාසයකින් පසුව තිරිච්චි විශේෂ කදවුරේ රදවා සිටි සරණාගතයන් 81 දෙනාගෙන් 10 දෙනකු නිදහස් කොට තිබේ.
ඉතිරි වී සිටින 71 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් මීට පෙර සරණාගතයන් දෙදෙනකු නිදි පෙති පානය කොට ඔවුන්ගේ උදර තුවාල කරගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ අතර ඔවුන් දෙදෙනාද මේ වන විට තිරිච්චි රෝහලේ ප‍්‍රතිකාර ලබති.
වස පානය කොට මියයෑමට උත්සහ කළ සරණාගතයන් 16 දෙනාද එම රෝහලටම ඇතුළත් කොට ඇති අතර තිරිච්චි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ