විශේෂ කමිටු 16 ක් අහෝසියි – න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ පනත් කෙටුම්පත් සියල්ලද ඉවතට

287

ජනාධිපති සතු බලතල අනුව පාර්ලිමේන්තු වාර අවසන් කිරීම හේතුවෙන් දැනට කි‍්‍රයාත්මක වෙමින් තිබූ විශේෂ කමිටු වර්ග 20න් 16ක්ම අහෝසි වන බව පාර්ලිමේන්තු සහකාර ලේකම් ටිකිරි ජයතිලක මහතා ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත් එහිදී විශේෂ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, සම්බන්ධීකාර කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා අහෝසි නොවේ.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ ඒවා වන අතර ඒවා වත්මන් ආණ්ඩුව යටතේ අත්හිටුවා තිබුණද ඒවා යළි සකී‍්‍රය වන බව පාර්ලිමේන්තු සහකාර ලේකම් ටිකිරි ජයතිලක මහතා ‘දිවයින’ට කීය.

ඒ අනුව එම ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවීම අහෝසි වන අතර මන්තී‍්‍රවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සහ වාචික පිළිතුරු අපේක්ෂා නොකරන වශයෙන් අසා තිබූ ප‍්‍රශ්න, මන්තී‍්‍ර පෞද්ගලික යෝජනා සියල්ල අහෝසි වන බවද ඒ මහතා කීය. එහිදී දැනට කි‍්‍රයාත්මක නව ඡුන්ද ක‍්‍රමයක් සැකසීමේ තේරීම් කාරක සභාව, කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම පිළිබඳ තේරීම් කාරක සභාව යන කාරක සභාවල කටයුතු අවසන් නොවන බව කී ඒ මහතා,

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ පනත් කෙටුම්පත් ආදිය සියල්ල අහෝසි වී යන අතර නැවත ඒවා නව පාර්ලිමේන්තු වාරය ආරම්භ කළ පසුව නැවත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු නව සැසිවාරය ලබන 18 දා උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතින අතර ජනාධිපතිවරයාට සභාගැබෙහි මුලසුන ගෙන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ජාතියට නව පණිවුඩයක් දීමේ හැකියාව ද පවතී.

ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා (12දා) රාතී‍්‍ර 12.00 සිට පාර්ලිමේන්තු සැසිවරය අවසන් කළ බවට ගැසට් නිවේදනය නිකුත් කර තිබිණි.

නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව මේ සියලූ කාරක සභා සඳහා අලූතෙන් සභාපතිවරුන් ඇතුළු සාමාජිකයන් නම් කිරීම යළි සිදු වෙයි.

වාරාවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබා ගැනීමයි.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 (1) අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ. වාරාවසාන කිරීම මාස දෙකකට නොවැඩි විය යුතුය. එය සිදු කළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයක් මගිනි.

කෙසේ වුවද, පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නියමිත දිනට පෙර වුවද සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා තවත් ප‍්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ යුතුය. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප‍්‍රකාශයේ සඳහන් විය යුතුය.

වාරාවසාන කර ඇති අවස්ථාවල කථානායකවරයා එම ධූරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය. වාරාවසාන කිරීමක් තුළින් කිරීමට ඇති කටයුතු අවසන් නොවේ. ඒ අනුව, නව වාරයේ සිට කිරීමට ඇති කටයුතු පවතින අදියරේ සිට ඉදිරියට ගෙන යෑමට පුළුවන.

නව සැසි වාරයක් ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභා නැවත පත් කළ යුතුය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාරවසාන කර ඇති අවස්ථාවක වුව ද අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ. අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත ස`දහනක් නොමැති බැවින් ඒවා ක‍්‍රියාත්මක වීම නතර වේ. සම්ප‍්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දී ඒවා නැවත පත් කරනු ලැබේ.

වාරාවසාන කිරීම අවසන් වී නව සැසිවාරයක් ආරම්භ වන විට, එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ‘‘70 (4* අනුව යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලූ කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළ`ග සභා වාරයේදී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය’’ යනුවෙන් සඳහන් වේ.

පාර්ලිමේන්තු වාර්තා අනුව හෙළි වන්නේ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව හතළිස් වරක් පමණ වාරාවසාන කර ඇති බවයි. වාරාවසාන කර තිබූ කාල සීමාව තුළ අග‍්‍රාණ්ඩුකාර ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1958 මැයි 27 දින පාර්ලිමේන්තුවට කැඳවන ලදී. ඒ ජනවාර්ගික කෝලහාල පැන නැ`ගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප‍්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහාය. ඒ අනුව 1958 ජූනි 04 වන දින පාර්ලිමේන්තුව රැුස් විය. එය සුවිශේෂී අවස්ථාවකි.

නව සැසි වාරයක් ආරම්භයේදී රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ එය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමිනි. එකල එය ඉදිරිපත් කරන ලද්දේ අග‍්‍රාණ්ඩුකාරවරයා විසිනි. 1960 අපේ‍්‍රල් 22 වැනිදා ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව පරාජය වී ඇත. අග‍්‍රාණ්ඩුකාර ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1960 අපේ‍්‍රල් 06 වැනිදා රාජාසන කථාව ඉදිරිපත් කරන ලදී. එයට ස්තූතිය පළ කිරීමේ යෝජනාවට විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡුන්ද 86 ක් ද විරුද්ධව ඡුන්ද 61 ක් ද ලැබුණු අතර මන්ත‍්‍රීවරුන් 08 දෙනෙක් ඡුන්දය දීමෙන් වැළකී සිටියහ.

නැවත වරක් ස්තුති යෝජනාව සංශෝධනය කරමින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡුන්ද 93 ක් ද විපක්ෂව 61 ක් ද ලැබුණු අතර එක් මන්ත‍්‍රීවරයෙක් ඡුන්දය දීමෙන් වැළකී සිටියේය.

කෙසේ වුවද වර්තමානයේ රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විවාදයට බඳුන්වීමක් හෝ ඡුන්දය විමසීමක් සිදු නොවේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment