ජනතාවට ප්‍රශ්න ගොඩයි… අරගලයට සුබ පතනවා… බන්ධනාගාර බසයට යන ගමන් රන්ජන් කියයි

177

විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විභාගයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නළු රන්ජන් රාමනායක ඊයේ (28 දා) රැගෙන ආ අවස්ථාව.

ජනතාවට ප්‍රශ්න ගොඩයි... අරගලයට සුබ පතනවා... බන්ධනාගාර බසයට යන ගමන් රන්ජන් කියයි

ගෝල්ෆේස් අරගල භූමියේ තරුණයන් කරගෙන යන අරගලය කරගෙන යෑමට ඉඩදෙන ලෙසත්, ඔවුන්ගේ අරගලයට සුබ පතන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (28 දා) මාධ්‍ය හමුවේ පැවසීය.

ඔහු එසේ කියා සිටියේ කොළඹ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදී නැවත බන්ධනාගාර බස් රථය කරා බන්ධනාගාර නිලධාරීන් විසින් කැඳවාගෙන යමින් සිටියදීය.

මෙහිදී තවදුරටත් ඔහු මෙසේද කීවේය. ගෝල්ෆේස්හි දැන් කරගෙන යන තරුණයන්ගේ අරගලය සාධාරණයි. ඔවුන්ට ඒ අරගලය කරගෙන යන්න ඉඩදෙන්න. මම ඒ අයට සුබ පතනවා කියලත් කියන්න. ගෑස් නැහැ. තෙල් නැහැ. ඉන්ධන නැහැ. ප්‍රශ්න ගොඩයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment