විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරීන්ටත් හමුදාවෙන් ඉවත් වෙන්න ඉඩ දෙන්න – සජිත් මැති සබයේදී ඉල්ලයි

103

සේවයට වාර්තා නොකර සිටින විශේෂිත පුහුණුවක් ලැබූ හමුදා නිලධාරීන්ට මුදල් ගෙවා සේවය අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

සක්‍රීය සේවයේ නිරත වීමට නියමිත වුවත් සේවයට වාර්තා නොකරන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සේවයෙන් ඉවත් වීමට පසුගිය අප්‍රේල් 20 සිට මැයි 20 දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශ කර ඇතත් හමුදා සේවයේ විශේෂිත පුහුණුවක් ලද අයට මෙම පොදු සමා කාලයේදී ඉවත් වීමට නොහැකි වී ඇති බව හෙතෙම පැවසීය.

එසේම 2024 අප්‍රේල් 2 වැනිදාට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයන්ටද පොදු සමා කාලය තුළ හමුදාවෙන් ඉවත් වීමට නොහැකි වී ඇත.

රාජ්‍ය අරමුදල් භාවිත කර හදාරන ලද පාඨමාලාවන්ට අදාළව බැඳුම්කර අත්සන් කර ඇති මෙම පිරිස මුදල්

ගෙවා හෝ ඉවත් වීමට අපේක්ෂාවෙන් සිටින බැවින් මේ ගැන අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. සානුකම්පිතව සලකා බලා නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන අයට පොදු සමා කාලයේදී හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වීමට අවසර දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment