විසඳුම් ඉල්ලා ගුරුවරු ජනපති හමුවන්න එති… ජනපති සමග සිකුරාදා සාකච්ඡාවක්

201

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30කට අයත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දහසකට අධික පිරිසක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ඊයේ (22දා* ආරම්භ කළ විරෝධතාවය සහ පෙළපාලිය හේතුවෙන් කොළඹ දැඩි රථවාහන තදබදයක් ඇති විය.
 
 මෙම විරෝධතාවය ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම ආණ්ඩුවේ මර්දනය නතර කිරීම සහ කොතලාවල විශ්වවිiාලපනත් කෙටුම්පත ඉවත්කර ගැනීම යන තේමා පාඨ මුල්කර ගනිමින් පැවැත් විණි.
 
 උද්ඝෝෂණයේ යෙදුනු ගුරුවන් ”කෝ ටැබ් කෝ”,  ”බලහත්කාර නිරෝධායනය නවත්වනු”, ”ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා විසඳනු”, ”කොතලාවල පනත වහා අකුලනු”, ”බලහත්කාර නිරෝධායනය වහා නවත්වනු”, ”ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරකිනු” යනාදී වැකි සහිත විරෝධා පුවරු අතැතිව උද්ඝෝෂණයේ යෙදුණු ආකාරය දැකගත හැකි විය. මග දෙපස පොලිස් නිලධාරීන් ද රැුඳී සිටින ආකාරය දැකගත හැකි විය.

guru2
 
 ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 30ක ගුරුවරුන් එක්ව ඊයේ (22දා* පෙරවරු 10.00 ට පමණ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැුස්වී සිදුකළ උද්ඝෝෂණය දැඩි උණුසුම් ආකාරයෙන් පැවැත්විණි. අනතුරුව පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ඕල්කට් මාවත ඔස්සේ පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණියහ.
 
 එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු ඔවුන් සම`ග සාකච්ඡුාවක නිරත වූ අතර ගුරු සංගම් නියෝජිතයෝ ඔහුට ලිපියක් භාර දුන්හ. අනතුරුව ගුරු සංගම් නියෝජිතයින් වන පූජ්‍ය යල්වෙල පඤ්ඤාරතන හිමියන් ජෝසප් ස්ටාලිං, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සම`ග සාකච්ඡුාකර ඇත. එහිදී ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා ජංගම දුරකථනය ඔස්සේ සාකච්ඡුා කිරීමට සම්බන්ධ කර දුන් බව ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
 
 එහිදී ඇමැතිවරයා විසින් ලබන සඳුදා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඊට පසුදින (27දා* පෙරවරු 11.00ට ගුරු සංගම් සමග අධ්‍යාපන අමාත්‍යාංයේදී කැබිනට් මණ්ඩලයේදී ගත් පියවර සම්බන්ධයෙන් දැනුම් දීමට එක`ගතාවය පළ කළ බවත් ජයසිංහ මහතා කීය. එමෙන්ම ලබන සිකුරාදා ජනාධිපතිවරයා සම`ග සාකච්ඡුාවක් ලබාදීමට ඇමැතිවරයා එක`ගතාවය පළකළ බව ද ජයසිංහ මහතා කීය.
 
 මෙවැනි තත්ත්වයක් හමුවේ ගුරු විදුහල්පතිවරුන් ආරම්භකර තිබෙන ඔන්ලයින් ඉගැන්වීම නවතා දැමීමේ ක‍්‍රියාවලිය නතරකර නැවත ඉගැන්වීම් සිදුකළ නොහැකි බවත් එම නිසා එම විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
 
 මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට පැමිණි ප‍්‍රසිද්ධ ආරක්‍ෂක සමාගමක ප‍්‍රධානියකු සිය සුපිරි වාහනයෙන් ඇතුල්වීමට උත්සාහ දැරීමේදී ගුරුවරුන් එම රථයට පහර දෙමින් බාධා එල්ල කරන්නට වූ අතර ඒ හේතුවෙන් එම පුද්ගලයා රථය පසුපසට ගෙන නැවත හරවාගෙන යන්නට වීමත් සමග ගුරුවරුන් හූ තබමින් විරෝධය පාන්නට විය.
 
 ඡායාරූප – නිශාන් එස්. ප‍්‍රියන්ත
 චමින්ද සිල්වා – ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment