විස්සයි – 20 ලෝක කුසලානයේ අවසන් හතරට – දකුණු අප්‍රිකාව සහ එංගලන්තය

103

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තරගයක් ලෙස ඇන්ටිගුවාහි විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයෙහිදී ඊයේ (24දා) දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 3ක ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවිය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉන්ම සඳහා දකුණු අප්‍රිකාව ලකුණු රැස්කරමින් සිටින අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර ඒ අනුව නැවත තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානුවන්ගේ ඉලක්කය වූයේ පන්දු වාර 17ක් තුළ ලකුණු 123කි. එම ඉලක්කය පන්දු වාර 16යි පන්දු 1ක් තුළ කඩුලු 7ක් දැවී සපුරාගත් දකුණු අප්‍රිකානුවෝ අවසන් පූර්ව තරගය සඳහා ද සුදුසුකම් ලබාගත්හ.

ඒ අනුව ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරග සඳහා තේරීපත්වන්නට එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

පන්දුවට පහර දීමේදී බ.ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කයිලි මේයර්ස් ලකුණු 35, රොස්ටන් චේස් ලකුණු 52ක් ලැබීය.

පන්දු යැවීමේදී තබ්බි්‍රෂ් සම්ෂි ලකුණු 27කට කඩුලු 3ක් දවාලූ අතර මාක්‍රෝ ජන්සන්, ඒඩ්න් මාක්‍රම්, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටී්‍රස්ටන් ස්ටැබ්ස් ලකුණු 29ක්, හෙන්ද්‍රික් ක්ලාසන් ලකුණු 22 සහ මාක්‍රෝ ජැන්සන් ලකුණු 21ක් ලැබීය.

රොස්ටන් චේස් ලකුණු 12කට කඩුලු 3ක්, ඇන්ඩි්‍ර රසල් ලකුණු 19කට කඩුලු 2ක් සහ අල්සාරි ජෝසප් ලකුණු 35කට කඩුලු 2ක් බිඳහෙළීය.

ලකුණු 27කට කඩුලු 3ක් දවාගත් තබ්බි්‍රෂ් සම්ෂි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූහ.

මේ අතර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් ඇමෙරිකාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඇමෙරිකානුවන් පරදා කඩුලු 10ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත්විය.

කිංග්ස්ටවුන්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඇමරිකානු පිලට ඇරයුම් කළේය.

ඒ අනුව ඇමෙරිකානුවෝ පන්දු වාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 115ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 9යි පන්දු 4ක් පමණක් වැය කරමින් ලකුණු 117ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිවිය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම් නායක ජොස් බට්ලර් හයේ පහර 7ක් සහ හතරේ පහර 6ක් සමග පන්දු 38කදී ලකුණු 83ක් ලබා ගත් අතර, එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිස් ජොර්ඩන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමද විශේෂත්වයක් විය.

ලකුණු 13කට කඩුලු 2ක් බිඳහෙලූ අදීල් රෂීඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment