විහාරස්ථාන අවට ආරක්ෂාවට 50,000ක්

150

පොසොන් පොහොය නිමිති කරගෙන දිවයින පුරා විහාරස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඊයේ දවසේ පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඇතුළු පනස් දහසක ආරක්ෂකයන් පිරිසක් විහාරස්ථාන හා ඒ අවට යෙදවූ බවත් පොලිස් මූලස්ථානය පවසයි.

එම නිලධාරීන් සිවිල් හා පොලිස් නිල ඇඳුමින් සැරසී සිය රාජකාරිය ඉටුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

ඊයේ දිනයේ පොසොන් නැරඹීමට අනුරාධපුරයට පැමිණි අතිවිශාල ජනතාවගේ ආරක්ෂාව සඳහා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බවද හෙතෙම කීය.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසිදහසක් දෙනාද පොලිස් විශේෂ කාර්ය බළකායේ 400ක් දෙනාද යුද හමුදා නිලධාරීන් 700ක් දෙනාද ප්‍රජා පොලිස් සාමාජිකයන් විසිහත් දහසක් දෙනාද යොදවා තිබිණි.

පොසොන් උත්සවය පැවැති මිහින්තලේ, ශ්‍රී මහා බෝධිය, අටමස්ථාන, තන්තිරිමලේ, අවුකන, විජිතපුර හා නාමල් උයන සිද්ධස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබිණි.

අනුරාධපුර ජලාශවල දියනාන පිරිසගේ ආරක්ෂාව උදෙසා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 400කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරිය සඳහා ඊයේ යොදවා තිබිණි.

එසේම අනුරාධපුරයේ විහාරස්ථාන සඳහා පොලිස් නිලධාරීන් 4000කට වැඩි පිරිසක් යොදවා තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment