වීදි සුනඛයා සරසවි සිසුවා බිලිගනී

856

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවකු පදවමින් සිටි යතුරුපැදියක බල්ලෙකු ගැටීම නිසා සිදු වූ අනතුරකින් එම විශ්වවිද්‍යාල සිසුවා පෙරේදා (21 දා) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක රමේෂ් සකින්තන් නමැති අයෙකි. ඔහු යාපනයේ සුප්‍රසිද්ධ ඌරේලු ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායමේ අතිදක්ෂ ක්‍රීඩකයෙක්ද වෙයි. මියගිය විශ්වවිද්‍යාල සිසුවා ඔහුගේ නිවස පිහිටි යාපනයේ මනිපායී ප්‍රදේශයේ සිට නීර්වේලී පොළට යතුරුපැදියෙන් යමින් සිටියදී එක්වරම පාර හරහා දිව ගිය බල්ලකු ඔහුගේ යතුරුපැදියේ ගැටීම නිසා යතුරු පැදිය පෙරළී ගොස් තිබේ. එහිදී බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මනිපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment