‘වීර සටනේ’ ශූරයන් තෝරන තරගය ලබන 05 සහ 06 දෙදින තුළ

44

වීර සටන නමින් විරුදාවලි ලත් බළපිටිය රේවත ජාතික පාසල සහ බළපිටිය සිද්ධාර්ථ ජාතික පාසල අතර 35 වැනි වරටත් පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය ලබන 5 සහ 6 යන දිනයන්හි බලපිටිය බණ්ඩරවත්ත ගුරු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එවකට දකුණු පළාත් සභා මන්ත්‍රී පී.ආර්. ද සිල්වා මහතාගේ මැදිහත්වීම මත 1986 වසරේදී දෙවිදුහල් අතර මෙම මහා ක්‍රිකට් තරගය ආරම්භ විය.

වීර සටන මෙතෙක් පැවති තරගවලදී රේවත ජාතික පාසල ජයග්‍රහණ හතක් හිමිකර ගත් අතර සිද්ධාර්ථ පාසලට තවම එක් තරගයක් ජයග්‍රහණය කිරීමට වාසනාව ලැබී නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සීක්කුගේ ප්‍රසන්න රේවත විද්‍යාලයෙන්ද තුෂාර මිරැන්ඩු සිද්ධාර්ථ විද්‍යාලයෙන්ද බිහි වූ ක්‍රීඩකයෝ වෙති. ඊට අමතරව ලෝක ශූරතාවය දිනාගත් දෘශ්‍යාබාධිත කණ්ඩායමේ නායකත්වය දැරූ ගිමදු මැල්කම්, ජාත්‍යන්තර ක්‍රිකට් ලකුණු සටහන්කරු මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් පිලේ කළමනාකරු ශ්‍රියන්ත ගුණරත්න, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් පිල නියෝජනය කළ මහේෂ් පෙරේරා සිද්ධාර්ථ විද්‍යාලයෙන්ද, යුද හමුදා ක්‍රිකට් පෙළ නියෝජනය කළ මහේෂ් කරුණාරත්න රේවත විද්‍යාලයෙන්ද බිහිවී තිබේ.

මෙවර රේවත ක්‍රිකට් පිලේ නායකයා ලෙස දිනුර නෙත්මිණ කටයුතු කරන අතර සිද්ධාර්ථ විද්‍යාල පිලේ නායකයා ලෙස කවිෂ් චමල්ක කටයුතු කරයි. රේවත විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ජනිත චතුරංග මහතාය. සිද්ධාර්ථ විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු දර්ශන පුෂ්පකුමාර මහතා ය.

රේවත ක්‍රිකට් පිල:

ඉදිරිපෙළ -ජනිත චතුරංග මහතා (ප්‍රධාන පුහුණුකරු), සනත් සේනාරත්න මහතා (සහකාර විදුහල්පති), පූර්ණ රන්යුරු උපනායක), ඩබ්ලිව්. සමන්ත මෙන්දිස් මහතා (විදුහල්පති), දිනුර නෙත්මිණ (නායක), ප්‍රියන්ත සී.ද සිල්වා මහතා (නියෝජ්‍ය විදුහල්පති) සුරාජ් සංජීව (ක්‍රිකට් භාර ආචාර්ය)

පසු පෙළ :

ලවිදු සත්සර, සෙනිත නුගන්සිත්, අමීෂ ඉහළගේ, ගොවිදු නිසංසල, අකිල නවීෂ්, කවිෂ සම්පත්, ගිම්හාන් මැන්ඩිස්, සුදේශ් මල්සර, යොහාන් සෙනුර සදීෂ නිර්මාල්, කළන චමෝත් වාසල මැන්දිස් කවිෂ, සන්දීප තරුන් නිම්සර.

‘වීර සටනේ’ ශූරයන් තෝරන තරගය ලබන 05 සහ 06 දෙදින තුළ

සිද්ධාර්ථ ක්‍රිකට් පිල:

ඉදිරිපෙළ- ජී.එල්.එස්. ධර්මසිරි මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), පී.ඩී.ආර්. වසන්ත කුමාර මහතා (නියෝජ්‍ය විදුහල්පති) කවිෂ් චමල්ක (නායක) කේ.එම්.ආර්. තාබ්‍රේව් මහත්මිය (විදුහල්පතිනි), ගයාන් සඳරුවන් (උපනායක), අනූෂ සුගත් මහතා (නියෝජ්‍ය විදුහල්පති) වජිරා ප්‍රහර්ෂණී මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), දර්ශන පුෂ්පකුමාර මහතා (ප්‍රධාන පුහුණුකරු)

පසු පෙළ:

විසල් ගිම්හාන්, කවිඳු සෙව්මිණ, ජයන් මෙන්ඩිස්, ජැක් ශාක්‍ය, හර්ෂණ හේෂාන්, සත්රූ කවීජ්, නිරෝෂ් නිම්සර, දිල්ෂාන් මිහිරංග, රුසිරු ධනංජය, වතික සුපේෂල, නදීෂ් නෙත් නිම්සර, පබෝෂ, ස්වර්ණ, වගීෂ හේෂාන්, ලක්ෂාන් මිහිරංග

අහුන්ගල්ලේ – කමල් ශ්‍රී ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment