වීසා නැති චීන්නු 20ක් ගොරකානෙන් මාට්ටු

77

පරිගණක අපරාධ සිදු කළාදැයි පොලිසියෙන් පරීක්‍ෂණ

වීසා බලපත් නොමැතිව රැඳී සිටී චීන ජාතිකයින් විසිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ගොරකාන ප්‍රදේශයේ පිහිටී ලේක් නෙක්ස්ට් සංචාරක ලැගුම්හලේ නවාතැන් ගෙන සිටි වයස අවුරුදු 22 ත් 49 ත් වියැති පුද්ගලයන් පිරිසක් බව සඳහන් වේ. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ලැගුම්හල වටලා පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 436 ක්, ලැප්ටොප් යන්ත්‍ර 5 ක්, පරිගණක යන්ත්‍රයක්, ජංගම දුරකථන චාජර් කැට 133ක් අඩංගු පෙට්ටියක්, යූ.එස්.බී. කේබල් 340ක්, රවුටර් 17ක්, පවර් කෝඩ් 16ක්, යූ.එස්.බී. චාජර් කෝඩ් 21ක්, යූ.එස්.බී. කේබල් 6ක්, නෙට්වර්ක් කේබල් 19ක්, ලැප්ටොප් චාජර් කේබල් 7ක්, මව්ස් 5ක්, මොනිටරයක්, මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු පරිගණක උපාංග රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය එකී ලැගුම්හල වටලන අවස්ථාවේ එහි රැඳී සිටි තවත් චීන ජාතිකයින් 18 දෙනකු පලාගොස් ඇති බවද වාර්තා වේ. චීන ජාතිකයන් කිසියම් පරිගණක අපරාධයක් සිදුකිරීමේ අරමුණින් රැඳී සිටියේද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවද පොලිසිය කියයි.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment