වී මිලදී ගැනීමේ සාකච්ඡා විසඳුමකින් තොරවේ

159


ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳාගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැති අතර එය විසඳුමකින් තොරව අවසන්වී ඇත.ඒ අනුව තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජගත් කුමාර, සමන්ප්‍රිය හේරත් යන මහත්වරු මෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම්වරයාද ලංකා බැංකුව – මහජන බැංකුව – ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිවරුද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහුද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment