වී වගාවට පොහොර ඉල්ලා පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානය පොලොන්නරුවේ දැවැන්ත උද්ඝෝෂණයක

37

වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ මෙහෙයැවීමෙන් දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (19) පොලොන්නරුව නගරයේදී පැවැත්විණි.

අනුබද්ධ ගොවි සංවිධාන 35කට අයත් පරාක‍්‍රම සමුද්‍රය යටතේ වී වගා කරන ගොවි ගෙවිලියෝ 2500ක් පමණ පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ. පොලොන්නරුව රෝහල හංදියෙන් ආරම්භවූ ගොවීන්ගේ විරෝධතා පෙළපාලිය පොලොන්නරුව ඔර්ලෝසු කණුව වටරවුම ඔස්සේ ප‍්‍රධාන මාර්ගයේ දීප උයන දක්වා පැමිණ හබරණ මඩකළපුව ප‍්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.මේ නිසා ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයටද බාධා එල්ලවූ බව පොලිසිය සඳහන් කළේය. ‘‘පොහොර නැති නම් වතුර එපා’’යැයි එහිදී දැඩිව කියා සිටි ගොවි ජනතාව වී ගොවිතැන සඳහා සුදුසු ප‍්‍රමියෙන් යුත් පොහොර කලට වේලාවට ලබා ගැනීම තම එකම ඉල්ලීම බවත් ඒ හැර වෙනත් විකල්පයක් බලාපොරොත්තු නොවන බවත් කීහ. ගොවීන්ගේ

පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට කෘෂිකර්ම ඇමැතිවරයා ප‍්‍රමුඛ රජය මෙතෙක් ක‍්‍රියා නොකිරීම සම්බන්‍ධයෙන් ගොවි ජනතාවගේ බලවත් අප‍්‍රසාදය රජය කෙරෙහි පලවී තිබෙන බවත් ජනාධිපතිවරයා ඇතුලූ රජයේ වගකිවයුත්තන් ප‍්‍රමාදවී හෝ මෙම ගැටලූව නිරාකරණය කිරීමට මැදිහත්විය යුතු බවද ගොවි නායකයෝ එහිදී පෙන්වා දුන්හ. මාස් කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීමට පෙර ප‍්‍රමිතියෙන් යුත් පොහොර නිසි කලට ලබාදෙන්නැයි ගොවීහු මෙහිදී රජයට බලකර සිටියහ. එමෙන්ම වී වගාවට අවැසි වල් නාශක,කෘමිනාශක ආදියද වහා ලබාදියව් යන්න ගොවීන්ගේ ඉල්ලීම් අතර කැපී පෙනුණි.

 කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment