දැනට ගැටලුවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම යන කටයුතු නියාමනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය තීරණ කර ඇත.
ඒ සඳහා 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මේ තීරණය ගෙන ඇත.
වී අලෙවි මණ්ඩල පනත පනවා මේ වනවිට වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිදු සංශෝධනයක් සිදුකර නොමැතිව එය යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද කැබිනට් තීරණ දැනුම් දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11දා) පැවසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත