වී සාධාරණ මිල කෝ: ගොවියෝ අම්බලන්තොට විරෝධතාවක

119

වී මිල අඩු වීම හා පවතින රජය විසින් ගොවියා දිනෙන් දින අසරණ තත්ත්වයට ඇද දමමින් සිටින බව කියමින් ඊට විරෝධය පළ කිරීමට ගොවි ජන සම්මේලනය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් ඊයේ (22 දා) අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි.

අධික පිරිවැයක් යොදවා සකස් කළ කුඹුරුවල අස්වනු නෙළා ගත් පසු ඒ සඳහා සාධාරණ මිලක් නියම නොකර කළු කඩකාරයන්ට ඕනි ඕනි විදියට වී මිල පාලනය කිරීමට ඉඩ දී රජය නිහඬව සිටින බවත්, මේ තත්ත්වය හේතුවෙන් ගොවියාට වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවත් ඒ නිසා ගොවියා අද වන විට දැඩි අර්බුද රැසකට මුහුණපා ඇති බවත් පවසමින් මෙම විරෝධතාව පැවැත්විණි.

විරෝධතාව සඳහා 400කට ආසන්න ගොවි පිරිසක් එක්ව සිටියහ. විරෝධතාව අම්බලන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලින් ආරම්භ කර අම්බලන්තොට ඔරලෝසු කණුව දක්වා පා ගමනින් පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment