වෙනත් අපේක්‍ෂකයකු ප්‍රවර්ධනයට යන අපේක්‍ෂකයන්ට නීතිය තදින්- මැ.කො. සභාපති

28

ජනාධිපතිවරණයේදී නාමයෝජනා භාරදී ඇති අපේක්‍ෂකයකු වෙනත් අපේක්‍ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළහොත් එම අපේක්‍ෂකයාටත්, ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන අපේක්‍ෂකයාටත් එරෙහිව මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කරනවා යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

මෙවැනි ක්‍රියා මැතිවරණ නීතියට සම්පූර්ණයෙන් පටහැනි බවත් එවැනි අනීතික ක්‍රියා සිදු නොකරන ලෙසත් සභාපතිවරයා ඉල්ලා සිටී.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් වෙනත් අපේක්‍ෂකයන් වෙනුවෙන් හෝ ඔවුන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් ප්‍රචාරක කටයුතු සිදු කරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටී.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට පසුගිය සිකුරාදා (13දා) වන විට කොමිසමට පැමිණිලි 4031 ක් ලැබී තිබෙන අතර ඉන් 3916ක් නීති උල්ලංඝනය කිරීම් වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment