වෙල්ලාලගේ යොවුන් පිලට ජය ගෙනෙයි

164

නායක දුනිත් වෙල්ලාලගේ දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සහභාගි වූ දෙවැනි තරගයේදී කඩුලූ 4ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණි. එ් ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලකුණු 175ක් ලබා ගත්තේය.

ඔස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භ කළ කැම්බල් කෙලවේ සහ තේග් විලිගේ සම්බන්ධතාවය ලකුණු 12කට සීමා කිරීමට ටෙ‍්‍රවින් මැතිව් සමත් විය. එ් අනුව තේග් විලි ලකුණු 06කට පිටියෙන් ඉවත් වී

ගියේය. අනතුරුව වගකීම කරටගත් කැම්බල් කෙලවේ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 77කදී ලකුණු 54ක් ඔස්ටේ‍්‍රලියානු ඉනිමට එක් කිරීමට සමත් විය. ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

එ් හැරුණුකොට විලියම් සල්ස්මන් ලකුණු 22ක්, නිවෙතන් රාධකි‍්‍රෂණන් ලකුණු 21ක් ටොබියස් ස්නෙල් ලකුණු 19ක් රැුස් කළේය.

ඔස්ටේ‍්‍රලියානු ඉනිම අසරණ කළ දුනිත් වෙල්ලාලගේ සිය පන්දු වාර 10 තුළදී එක් නිලකුණු පන්දුවාරයක් සමගින් ලකුණු 28කට කඩුලූ 5ක් බිඳ දැමීය. එය වෙල්ලාලගේ විසින් මෙම තරගාවලියේදී කඩුලූ 5ක් බිඳ දැමූ දෙවැනි අවස්ථාව ලෙසින් සටහන් වූ අතර පෙර පැවැති ස්කොට්ලන්තය සමග තරගයේදීද ලකුණු 28කට කඩුලූ 5ක් බිඳ දැමීමට වෙල්ලාලගේ සමත් විය.

ජයග‍්‍රහණය හඹා යෑමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලූ 4 මුළු ලකුණු 49දී බිඳ දැමීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සිය නායකත්වයේ වගකීම කරට ගත් දුනිත් වෙල්ලාලගේ අංජල බණ්ඩාර සමගින් එක්වී පස්වැනි කඩුල්ලට පන්දු 86කින් ලකුණු 70ක් ශී‍්‍ර ලංකා ඉනිමට එක් කළේය. අංජල බණ්ඩාර පන්දු 47කදී ලකුණු 33ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වී ගියේය.

අංජලගේ දැවී යෑමෙන් පසු වෙල්ලාලගේ සමග එක් වූ රනුද සෝමරත්න ශී‍්‍ර ලංකා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් විය.

ශී‍්‍ර ලංකා ඉනිමට ජයග‍්‍රාහි මාවත විවර කර දුන් දුනිත් වෙල්ලාලගේ පන්දු 72කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු සාරාංශය

ඔස්ටේ‍්‍රලියානු යොවුන් පිල පන්දුවාර 50දී සියලූදෙනා දැවී ලකුණු 175යි (කැම්බල් කෙලවේ 54, නිවිතන් රාධකි‍්‍රෂ්ණන් 21, විලියම් සල්ස්මන් 22, ටොබියස් ස්නෙල් 19, දුනිත් වෙල්ලාලගේ 28/5, ටෙ‍්‍රවීන් මැතිව් 32/2, මතීෂ පතිරණ 34/2)

ශී‍්‍ර ලංකා යොවුන් පිල පන්දුවාර 37කදී කඩුලූ 6ක් දැවී ලකුණු 177යි (දුනිත් වෙල්ලාලගේ 52, අංජල බණ්ඩාර 33, රනුද සෝමරත්න (නොදැවී) 32, චමිඳු වික‍්‍රමසිංහ 19, ටොම් වයිට්නි 39/2, ජෝසුවා ගානර් 21/2)

advertistmentadvertistment
advertistmentadvertistment