වෙසක් බලන්න ඇවිත් කොළඹ ‘කුණු’ කරන්න එපා – නාගරික කොමසාරිස් ජනතාවගෙන් ඉල්ලයි

153

කොළඹ නගරයේ හෙට (23දා) සිට වෙසක් සිරි නැරඹීමට පැමිණ නගරය කැළිකසළවලින් පුරවා අපවිත්‍ර නොකරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නගරයේ තොරණ, වෙසක් කලාප, දන්සල් රැසක් පැවැත්වෙන බැවින් ඒවාට පැමිණීමේදී නගරයේ පවිත්‍රතාව සුරැකීමට වගබලාගන්නැයි ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

නගරයෙන් ආහාර වර්ග ගැනීමේදී ඒවායේ ඉවතලන අපද්‍රව්‍ය කසළ බඳුන් තුළට බැහැර කරන ලෙස ද විවිධ ආයතනවලින් නගරය පුරා සිදුකරන වෙසක් සැරසිලි 27 වැනිදායින් පසු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ද එම ආයතන හිමියන්ගෙන් ඇය ඉල්ලා සිටී.

වෙසක් නැරඹීමට කොළඹ නගරයට පැමිණීමේදී විනය ගරුකව, බෞද්ධාගමට අගෞරවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment