වේගයෙන් දුවලා දඹානෙන් රටට යසස දුන් රත්නපාල

472

47 වන ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන්  රන් පදක්කම් දිනූ ඔහුට සවන් දෙමු

‘අපේ වරිගෙට ඔහු දුන්නේ ගෞරවයක්’ – ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ

● දුවනකොට දාන සපත්තු දෙක රු. 50,000 ක් වෙනවලු…  – ඒක මට සිහිනයක් ද?

● උදව් කරන්න….  රට දිනවන්න දඹානේ අපටත් පුළුවන්’

● ගුවන් හමුදාවට නොගියා නම් මම අද මාළු බානවා – රත්නපාල

‘පසුගිය 2022-10-08 දින නිමාවට පත් වූ 47වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්ව සඳහා නැඟෙනහිර පළාත නියෝජනය කරමින්’ ඉදිරිපත්’ වූ දෙහිඅත්තකණ්ඩිය හේනානිගල ආදිවාසී’ගම්මානයේ තලාවරිගයේ රත්නපාල තරුණයා රන්පදක්කම දිනාගනිමින් ආදිවාසි පරපුරේ ප්‍රථම වතාවට ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණයක් දිනාගැනීමින් ප්‍රථම රන්පදක්කම් ලාභියා’ වන්නට සමත් විය.

අංක 37 හේනානිගල දකුණ නවමැදගම දෙහිඅත්තකණ්ඩිය යන ලිපිනයේ පදිංචි වයස 30 වියේ පසුවන තලාවරිගයේ රත්නපාල විවාහක එක් දරු පියෙකි.

“මට අද ගුවන් හමුදාවේ රැකියාව නො ලැබුණානම් අද මම මේ තැනට එන්න ලැබෙන එකක් නෑ. රැකියාව නො ලැබුණානම් මම අද වැවේ මාළු අල්ලන රස්සාව හරි සිමෙන්ති අනනන වැඩක තමයි නිරත වෙලා ඉන්නවා ඇත්තේ.’ ඒ නිසා අද මම මගේ රැකියාවත් ඒ නිසා අද මට මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳව තියෙන්නේ ආඩම්බරයක්.’ “ යැයි ඔහු ලැබූ ජයග්‍රහණය පිළිබඳ සතුටු වෙමින් පවසා සිටියේය.

ඔහු ලැබූ ජය ග්‍රහණය පිළිබඳව රැහේ’ ප්‍රධාන නායකයා දැනුවත් කිරිම සඳහා පසුගියදා දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයට පැමිණ විශ්වකීර්ති වනස්පති වන්නිලා ඇත්තන් බැහැ දැක ජයග්‍රහණය පිළිබඳ දැනුවත් කරනු ලැබීය. ආදිවාසී නායකතුමන් ද ඒ පිළිබඳව මහත් සේ සතුටට පත්ව “ අපේ වරිගය වෙනුවන් ලබාදුන් ගෞරවය පිළිබඳ සතුටට පත්වෙනවා. අද මේ තරුණයා මේ තැනට ඇවිත් තියෙන්නේ සුන්දර මාවතක නම් නොවේ. බොහෝ දුක් කම්කටෝලු එක්කයි ඒ තැනට ඇවිත් තියෙන්නේ. ඉදිරි ගමනත් ඒ වගේම දුක් කරදර බාදා එක්ක යන්න තියෙන නිසා ඔහුට’ ශක්තියක් වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දුවනකොට දාන සපත්තු දෙකකුත් මේ කාලේ වෙනකොට රුපියල් 50,000කට’ අධිකයි කියලයි කිව්වේ. ඒ වෙනුවෙන් කවුරුන් හෝ උදව්වක් කරනවානම් ගොඩක්ම වටිනවා.“ යැයි පැවසීය.

රත්නපාලගේ පියා ජීවිතයෙන් සමුගෙන වසර 15ක් පමණ වන අතර’ ස්ථිර රැකියාවක් ද නොමැතිව අසීමිත අඟහිඟකම් මැද මෑණියන්ගේ අප්‍රතිහත’ දිරියෙන් ඔහු මෙම ජයග්‍රහණය සඳහා රැගෙන ආ බව රත්නපාල පවසති.’ ඔහු වැඩිදුරටත් ගුවන් හමුදාවේ මළල ක්‍රීඩා සංචිතයට අනුයුක්තව වැඩිදුර පුහුණුවීම් ලබමින් සිටිති.’ දිනකට කිලෝමීටර් 42ක් දුවමින් ඒ සඳහා ඔහු පුහුණුවීම් ලබති. ගුවන් හමුදාවේ රැකියාවේ නිරත වෙමින්, වැඩිදුර පුහුණුවීම් ලබන ඔහු මෙම තත්ත්වය සඳහා ළඟාවීමට වසර 10ක් වැනි දිගු කලක පටන් පුහුණුවීම් ලැබූ බවත් එම ගමන් මඟේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිතුමන් ඇතුළු පුහුණුකරු ලෙස සජිත් ජයලාල් මහතා ඇතුළු නිලධාරින්ගේ’ ලැබූ සහය විශේෂයෙන් සිහි කළ යුතු බව තලාවරිගයේ රත්නපාල තරුණයා පවසා සිටියේය. 2023 සාක් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ද තලාවරිගයේ රත්නපාල සුදුසුකම් ලබාඇති අතර ඒ වෙනුවෙන් පුහුණුවීම් සඳහා ක්‍රීඩකයන් භාවිත කරන පාවහන් යුගලක අවශ්‍යතාවය ඇති බව ඔහු පවසති.

ඉදිරියේදී පැවැත්වෙන සාක් ක්‍රිඩා’උළෙලට පුහුණුවීම්වලට අවශ්‍ය බඩු භාණ්ඩ සඳහා අනුග්‍රහය දැක්විය හැකි අයෙකු සිටිනම් එය ඔහුට මහත් පහසුවක් හා දිරියක් වනු ඇති බවට ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment