දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යන බවත්, ඉන් වැඩි බලපෑමක් ඇත්තේ පාසල් සිසු දරුවන්ට බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.
මේ හේතුවෙන් දැනටමත් දිවයිනේ පාසල් කීපයකම පන්තිවල සිසු දරුවන්ට නිවාඩු ලබාදීමට ද අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.
“අක්ෂි පටල ප්‍රදාහය” නමින් හඳුන්වන මෙම ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිරී යන බවත්, ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදිය එහි රෝග ලක්ෂණ බවත් වෛiවරු පවසති.
එක් අයකුගෙන් තවත් අයකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි බවත් එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මගින් සහ ඒ ආශ්රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බවත් වෛiවරුන් පෙන්වා දෙති.
සාමාන්‍යයෙන් මේ දිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමඟ මෙම වෛරස් ඇස් රෝගය පැතිර යා හැකි බවද වෛද්‍යවරු පවසති. මේ වනවිට මෙම වෛරස් ඇස් රෝගය කොටහේන මධ්‍ය මහා විද්‍යiාලයේ 6,7 ශ්‍රේණිවල දරුවන් 40 දෙනකු අතරේ ව්‍යාප්තව ඇතැයි වාර්තා විය.
ඒ අනුව එම විදුහලේ ඇස් රෝගය පැතිර යන පන්ති නොපවත්වන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම විදුහලේ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා