වේදිකාවෙන් අයින් වෙලා රස්සාවට රඟපානවා –  රන්දික ගුණතිලක

441

වේදිකාවේ පුංචි තිරයේ සහ සිනමාවේ දස්කම් දක්වන්න නව පරපුරේ රංගන ශිල්පීන්ට ඉඩ ලැබෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වගේම හොඳ දක්‍ෂතාවක් තියෙන්නත් ඕනෙ. රන්දික ගුණතිලක මේ අවස්ථාව හිමිකරගත්ත දක්‍ෂයෙක්. අහම්බයකින්් පටන්ගත්ත මේ ගමන අද ඔහු සාර්ථකව යනවා. නිර්මාණ තුනක් හරහා මේ දිනවල දකින්න ලැබෙන රන්දික සමග මීවිත මේ විදිහට දොඩමළු වුණා.

 රන්දිකව මේ දිනවල තුන්පනේ” රැල්ල වෙරළට ආදරෙයි සහ පොදු යන නිර්මාණ හරහා දකින්න ලැබෙනවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

 ඇත්තටම බොහොම හොඳ ප‍්‍රතිිචාර ලැබෙනවා. එකකට කියල විශේෂත්වයක් නැහැ. තුන්පනේ නිර්මාණයේ එන චරිතය වැනි චරිතයක් නම් මීට කලින් මට රඟපාන්න ලැබිල නැහැ.

 ඛණ්ඩමාලෙ ඔබේම වචනයක්ද?

 ඔව්. ඒක මට ලැබුණෙ මරදානේ මහල් නිවාසවල ඉන්න මගේ යහළුවො කිහිප දෙනෙකුගෙන්. ඒ වෙනකොට පිටපත මට ලැබිල තිබුණෙ. ඔය අතර තමයි අපි මුණගැහුන වෙලාවක ඒ අතරින් කෙනෙක් ඔය වචනෙ කිව්වෙ. ඒ වෙලාවෙ මම ඇහුව මොකක්ද මචං මේ වචනෙ තේරුම කියල. තේරුමක් නම් දන්නෙ නැහැ බං හැබැයි මම ඕන දේකට ඔය වචනෙ කියනව කියල ඔහු කිව්ව. ඉතිං ඒ වෙලාවෙ ඉඳන් මම මගේ චරිතයට ඒක පාවිච්චි කරන්න හිතුව.

 රංගන ශිල්පියෙක් වීම ඔබට දැනෙන්නෙ කොහොමද?

 ඒ ගැන මට දැනෙන්නෙ” ඇත්ත රන්දික ගුණතිලක හැටියට නැතිව දවස් ගාණක් පැය ගාණක් මට වෙනම කෙනෙක් හැටියට ජීවත් වෙන්න වෙන කාටවත් ලැබෙන්නෙ නැති අවස්ථාවක් මට ලැබිල තියෙනව කියල.

 මේ ඔබේ සිහිනයක් සැබෑවීමක්ද?

 නළුවෙක් වීමේ සිහිනයක් මගේ ජීවිතයේ තිබුණෙ නැහැ. මේ හැමදේම අහම්බයක් විතරයි.

වේදිකාවෙන් අයින් වෙලා රස්සාවට රඟපානවා -  රන්දික  ගුණතිලක



 ඔබ නළුවෙක් නොවුණ නම්?

 ඒක ඇත්තටම මට හිතාගන්න බැහැ. මම විශ්වවිද්‍යාලයට ගියේ රඟපාන්න හිතාගෙන නෙමෙයි. උසස් පෙළටත් මුලදි මම හැදෑරුවේ තර්ක ශාස්ත‍්‍රය. පසුකාලීනව ගුරුවරයා සමග ඇති වුණ ගැටලූවක් නිසා ඒ විෂය අතහැරල ඉන්න අවස්ථාවේදී මාස හයක් ඇතුළත තමයි නාට්‍ය හා රංග කලාව විෂය හදාරන්න පටන්ගත්තෙ. ඞී. එස්. සේනානායක විදුහලේ නාට්‍ය හා රංගකලාව ගුරුවරයා වන ඉඳුනිල් මහත්මයා මට කතාකරල කිව්ව ඔයා ඩ‍්‍රාමා කරන්න ඒක පාඩම් කරල ලියන්න තියෙන්නෙ කියල. ඒ කාලෙ ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් තිබුණෙ නැහැ. ඉතිං ලේසියි කියල හිතාගෙන ඒකට සම්බන්ධ වුණා. එතැනින් තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණෙ. එතනදි මේකප්” රංග වස්ත‍්‍ර නිර්මාණය” පසුතල නිර්මාණය වැනි දේවල් කළේ. නමුත් දෙවැනි වසරේදී මූලික විෂයයක් තෝරාගැනීමට අවශ්‍ය වුණා. මගේ ආසාව තිබුණෙ පසුතල නිර්මාණය පැත්තට. ඒ දේට විශ්ව විද්‍යාලයේ පහසුකම් තිබුණෙ නැහැ. මේ අවස්ථාවේදී ප‍්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා මාව රංගනය පැත්තට යොමු කළා. එතුමා සමග ඒ වෙලාවෙ මම තර්කයක් කළා ඔබතුමා කොහොමද මාව මේ තැනට යොමු කරන්නෙ” මට රඟපාන්නත් බැහැ” කොහොමද මේ තීරණය ගන්නෙ කියල. නමුත් පසුව මටම තේරුම් යනව එතුමාගේ දැනුම අත්දැකීම එක්ක ඒ ගත්ත තීරණය හරි කියල. ඒ විදිහට තමයි මම නළුවෙක් වෙන්නෙ.

 එහෙම පැමිණි ගමන ගැන තෘප්තිමත්ද?

 ඇත්තටම ඔව්. ප‍්‍රසන්නජිත් මහත්මයාගේ දුරදක්නා නුවණ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ. මම නොදැකපු දුරක් එතුමා දැකල තිබුණ. අදටත් එතුමා මුණගැහුණ මොහොතක අහනව එදා මම කියපු දේ වැරදුනේ නැහැ නේද කියල.

 ලංකාවේ වෘත්තීයමය නළුවෙක් වෙලා ජීවත් වෙන්න අමාරුයි කියල කතාවක් තියෙනව?

 ඒ කතාව කවුරු කිව්වත් මම නම් හිතන්නෙ ඒ වෘත්තීයමය වශයෙන් නළුවන් වුණ අය නොවෙයි. මේක ව්‍යාපාරයක් හැටියට ගත්තොත් මුල් කාලයේදී පාඩු සිදුවෙන්න පුළුවන්. නමුත් පහුවෙනකොට අපි හරියට කළොත් ඒ ගැටලූ මතු වෙන්නෙ නැහැ.

 පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

 මගේ පවුලේ අය මම කරන හැම දේම හරි කියන තැන තමයි ඉන්නෙ. ඒ නිසා පවුලක් හැටියට ඔවුන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

 ජනප‍්‍රියත්වය ඔබට දැනෙන්නෙ කොහොමද?

 ජනප‍්‍රියත්වය කියන්නෙ ජනයාට ප‍්‍රිය වීමනෙ. ඉතින් මගේ රසිකයන්ට ඕන වෙලාවක මාව මුණගැහෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට අපේ ගෙවල් ළඟ හංදියේ ඉන්නවා. සමහර වෙලාවට බොහෝ දුර බැහැර ඉඳන් මගේ රසිකයො අපේ ගෙදර ඇවිත් යනව. එතනදි මම නළුවෙක් කියන තැනින් එළියට ඇවිත් සාමාන්‍ය කෙනෙක් හැටියට ජීවත් වෙනව.

 නළුකමින් හිස උදුම්මවා ගත්තෙ නැහැ?

 නළුවා කියන්නෙ මගේ රැුකියාව. අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සු. මම රඟපාල ඉවරවෙලා රංග වස්ත‍්‍ර ගලවලා මේකප් හෝදගෙන ගෙදර එනව. ඉන් පස්සෙ මම සාමාන්‍ය රන්දික ගුණතිලක. මගේ ගමේ මිනිස්සු එක්ක සතුටින් ඉන්නවා.

 ක්‍ෂේත‍්‍රය ගැන මොකද හිතෙන්නෙ?

 ක්‍ෂේත‍්‍රය ගැන කතාකරද්දි මට මෙහෙම දෙයක් හිතෙනව. අතීතයේ අපිට පොඩි ගැටලූවක් මතු වුණා. මේක දේශපාලන ප‍්‍රශ්නයක්. මේ නිසා අපිට දක්‍ෂ කලාකරුවො පිරිසක් නැති වුණා. තරුණ තරුණියන් පිරිසක් නැති වුණා. ඉදිරියේදී මේ ක්‍ෂේත‍්‍රය පවත්වාගෙන යන්න හිටපු අධ්‍යක්‍ෂවරු” පිටපත් රචකයන්” රංගන ශිල්පීන්” පොතපත ගැන” ආදරය ගැන” රට ගැන අදහසක් තියෙන තරුණ පිරිසක් අපිට නැති වුණා. ඒ නිසා අදටත් මේ ක්‍ෂේත‍්‍රයේ හොඳ පිටපත් රචකයන්” හොඳ පරිකල්පන ශක්තියක් ඇති අය හිඟ වෙලා.

 වේදිකාවට සමුදුන්නද?

 වේදිකාව කියන්නෙ ශුද්ධ වූ තැනක්. නළුවෙක් ගොඩනැගෙන්නෙ වේදිකාවෙන්්. එතැනට යන්න පුළුවන් ශුද්ධ වූ නළුවන්ට විතරයි. නමුත් අද වන විට නැවත මම වේදිකාවට ගොඩ වෙන්නෙ නැහැ කියන පසුබැස්ම මට තියෙනව. නළුවෙක් සතුටින් ජීවත් වුණොත් තමයි හොඳට රඟපාන්න පුළුවන් වෙන්නෙ. නමුත් අද වන විට අපේ රටේ තියෙන වේදිකාව තුළ සතුටින් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තියෙනව. නිර්මාණයේදී අපි තෘත්තිමත්. ඒත් ගෙදර ඇවිත් සතුටු වෙන්න බැහැ. ගෙදර අයව සතුටු කරන්න විදිහක් නැහැ. ඒ නිසා මම ඒ කලාවෙන් අයින් වෙලා රැුකියාව හැටියට රඟපාන එක තෝරාගෙන ජීවත් වෙනව.

 ඉදිරි නිර්මාණ?

 අරුණ ජයවර්ධන මහත්මයාගේ ‘හැපි බර්ත්ඬේ.” ඉන්දික ෆර්ඩිනැන්ඩු මහත්මයාගේ ‘බුලට් පෘෆ් චිල්ඞ්රන්.” රසික හේරත් මහත්මයාගේ ‘සිහින සමීකරණ. යන චිත‍්‍රපටවලින් සහ ජගත් මනුවර්ණ මගේ සහෝදරයාගේ ‘කොඩි ගහ යට. ටෙලි නාට්‍ය ඇතුළු නිර්මාණ කිහිපයක් හරහා ඉදිරියේදී රසිකයන්ට මගේ රංගනයන් දැකබලා ගන්න පුළුවන්.


මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment