වෛද්‍යවරියට අතවර කළ අනුරාධපුරයේ සැකකරු 17දා තෙක් රිමාන්ඩ්

115

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ප්‍රධාන සැකකරු කේ. බී. මදුරංග රත්නායක නමැත්තා ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා ඊයේ (14දා) නියෝග කළේය.

පෙරේදා සවස සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග ලබාගත් අනුරාධපුර පොලිසිය ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

පෙරේදා පස්වරුවේ ඔහුට රැකවරණය ලබාදුන් බවට සැකපිට සැකකරුගේ සහෝදරිය සහ තවත් පුද්ගලයෙක් අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා විසින් ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

මේ අතර සැකකරුගෙන් පොලිසිය පෙරේදා ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචිව සිටි ගල්නෑව නව නගරයේ පිහිටි නිවසේ ගමන් මල්ලක තිබී පුවත්පත් කඩදාසියක ඔතා තිබූ ජීව අත්බෝම්බයක් ද සොයාගන්නා ලදී.

අනුරාධපුර – පර්සි කුරුනේරු


advertistmentadvertistment