වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස හැදුනුම්පතක් හදාගත් තරුණියක් රිමාන්ඩ්

517


යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැදුණුම් පතක් සකසා ගෙන යාපනයේ කුළී කාමරයක තනිවම ජීවත් වූ තරුණියක් කෝපායි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඇය නවාතැන් ගෙන සිටි ප්‍රදේශයේ වැසියන්ට ඇය පිළිබදව ඇති වූ සැකයක් මත ඔවුන් කෝපායී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඇයව හා ඇගේ කාමරය පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ හැදුණුම්පත හමු වී තිබේ.
හැදුණුම් පත් පිළිබදව පොලීසිය යාපනය විශ විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් විමසා බැලීමේදී එම හැදුණුම්පත් ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වීමෙන් පසුව පොලීසිය ඇය අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.


advertistmentadvertistment