වෛද්‍ය සංගමයත් උද්ඝෝෂණවලට

217

“අවනීතිය රජ කරවූ, ප්‍රතිපත්තියකින් තොර, මර්දනකාරී ආණ්ඩුව ජනතා මතයට හිස නමනු” මැයෙන් ලබන සතියේදී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

පෙරේදා (21 දා) පැවැති තම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ ට ඊයේ (22 දා) පැවසීය.

ලබන සතියේදී පළාත් මට්ටමින් ආරම්භ කරන මෙම උද්ඝෝෂණ මාලාවට ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ග වෙත එළැඹීමට සිය සංගමය තීරණය කළ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

“මේ ආණ්ඩුව ප්‍රතිපත්ති රැක්කේ නැහැ. අවනීතිය රජ කෙරෙව්වා. මර්දනය ගෙනාවා. ආර්ථික, සාමාජික මෙන්ම දේශපාලනිකවත් රට ආගාධයටම ඇදදැමුවා. සෞඛ්‍ය අන් කවරදාටත් වඩා විශාල අර්බුදයක සිර කෙරෙව්වා. මේ රජය මහජන මතයට හිස නමන්නේ නැහැ. වගකීම භාර ගැනීම වෙනුවෙන් කිසිම යාන්ත්‍රණයක් නැහැ. රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් නැහැ. වහාම පාර්ලිමේන්තුව හරහා රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකට යා යුතු වෙනවා යැයි ද ඒ මහතා කීවේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment