වෛද්‍ය සැපයුම් අංශ ප්‍රධානීගේ පෙත්සමට වෙච්චදේ

830

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් මෙම මස 26 වැනිදා දක්වා කල් තැබීය.

එම නියෝගය අද අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.

එහෙත් විනිසුරුවරයා කියා සිටියේ එම නියෝගය ප්‍රකාශයට පත්කිරීම ලබන 26 වැනිදා දක්වා කල්තබන බවය.


advertistmentadvertistment