වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය 24 දා

21

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24දා ලබාදෙන බව අභියාචනාධිකරණය ඊයේ (10) පැවසීය.

නඩු විභාගය අවසන් වන තෙක් තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එමෙන්ම ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන ලෙස රීට් ආඥාවක් ද පෙත්සම්කරු විසින් ඉල්ලා තිබුණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment